Cricket NewsEXCLUSIVET10 League

“මේකනම් විශ්මයක්, T10 තරඟයක මෙවැනි පන්දු යැවීමක් සැබවින්ම විශ්මිතයි” – වනිදුගේ සුපිරි පන්දු යැවීම පිළිබඳව ප්‍රවීන විචාරක ඩැනී මොරිසන් අදහස් දක්වයි.!

මේ වන විට ලෝකයේ පැවැත්වෙන වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 තරඟාවලිය අති උත්කර්ෂවත් අයුරින් අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

අබුඩාබි T10 තරඟාවලියේ 28 වැනි තරඟය වූ බංග්ලා ටයිගර්ස් හා ඩෙකෑන් ග්ලැඩියේටර්ස් අතර තරඟය පහසුවෙන් ජයගන්නට ඩෙකෑන් පිල සමත් වූ අතර එදා මෙදාතුර t 10 ඉතිහාසයේ හොඳම පන්දුයැවීම සටහන් කරන්නට වනිදු හසරංග සමත් විය.

එහිදී ලකුණු 8 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 5 ක් බිඳ දමන්නට වනිඳු සමත් විය.

සිය පන්දුවාර ද්විත්වයෙන් එක් පන්දුවාරයක් නිලකුණු පන්දුවාරයක් බවටද පරිවර්තනය කරගන්නට ඔහු සමත් විය. ඒත් සමඟින් ඔහු එක් T10 තරඟවාරයක් තුල දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවද සම කරන්නට සමත් වුයේ තරඟ 10කට පමණක් ක්‍රීඩා කරමිනි.

එම අවස්ථාවේ විස්තර කථනයේ යෙදී සිටි ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක ඩැනී මොරිසන් වනිදු හසරංග පිළිබඳව විශේෂ ප්‍රකාශයක්ද සිදු කරනු ලැබුවා.

එහිදී ඩැනී මොරිසන් මෙලෙස ප්‍රකාශ කර සිටියා,

“මෙය විශ්මිතයි. පන්දුවාර 10 ක තරඟයක මෙවැනි දස්කම් දැකබලා ගැනීම කලාතුරකින් වෙන දෙයක්, වනිඳු දැනටමත් ලෝකයේ දඟපන්දු යවන්නන් ආක්‍රමණය කර අවසන්,ශ්‍රී ලංකාවට මොහු වටිනා තරුවක් ” යනුවෙනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7