බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම එංගලන්තයට එරෙහිව ලකුණු 326ක් හඹා ගොස් කඩුලු 4කින් ජයග්‍රහණය කරයි.

බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම එංගලන්තයට එරෙහිව ලකුණු 326ක් සාර්ථකව හඹා ගිහින් බ.ඉ.කොදෙව් එක්දින ඉතිහාසයේ හොදම හඹායාමක් වාර්තා කරලා කඩුලු 4කින් තරගය ජය ගන්නවා.
ඒ අනුව ලෝක කුසලානයේ අන්ත අසාර්ථක වූ එංගලන්තය නැවත වරක් ලෝක කුසලානයට පවා සුදුසුකම් ලබා නොගත් කොදෙව්වන් හමුවේ පරාජය වෙනවා.
මේ තරගයේ වීරයා සම්මානය හිමි වෙන්නේ කොදෙව් නායක ශායි හෝප්ට…!
අංක හතර පිතිකරුවෙක් ලෙස පිටියට ඇවිත් පන්දු 83කින් නොදැවී ලකුණු 109ක් වාර්තා කරලා කොදෙව් කන්ඩායම ජයග්‍රහණය කරා
කැදවාගෙන යනවා. ඊට හතරේ පහරවල් 4කුත් දර්ශනීය හයේ පහරවල් 7කුත් ගෙත්තම් වෙනවා. ප්‍රහාරක වේගය 131.33ක් වැනි ඉහල අගයක් ගන්නවා.
මේ තරගයේදී හෝප් එක්දින ලකුණු 5000 කඩයිම පසු කරනවා. එය වාර්තා පොතේ පිටුවක් අලුත් කරන්නේ එතෙක් මෙතෙක් එක්දින තරග ඉතිහාසයේ පිතිකරුවෙක් ලකුණු 5000 කඩයිම වේගයෙන්ම පසුකල පස්වෙනි ක්‍රීඩකයා ලෙසයි. මීට පෙර ඒ කඩයිමට අඩුම ඉනිම් ගනනකින් ගිහින් තියෙන්නේ සර් විවියන් රිචර්ඩ්ස් , බාබර් අසාම් , හශීම් අම්ලා සහ විරාට් කෝලි
ඒ අනුව ශායි හෝප් එයාගේ 16 වෙනි එක්දින ශතකය වාර්තා කරලා කොදෙව්වන්ට ජය පැන් සාදයක් ලබා දෙනවා.
හෝප් මේ තරගයෙන් පස්සේ කියනවා මීට කාලෙකට කලින් එම්.එස් ඩෝණි එයාට කිව්වා කියලා එයා හිතනවට වඩා වැඩි වෙලාවක් එයාට කඩුල්ලේ රැදී ඉන්න පුළුවන් හැකියාව තියෙනවා කියලත්….
මේ තරගයේදී ඒ බව හෝප් මනාව තහවුරු කරමින් ජයග්‍රහණය දක්වාම සිය කන්ඩායම රැගෙන ගියා..!
| Rishie Bro