Cricket NewsEXCLUSIVEUnder-19

නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉදිරියේ එංගලන්ත යෞවනයන් දණනමයි – 2-1 ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට.!

සංචාරක එංගලන්ත 19 න් පහල කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරඟ 5 කින් යුතු එක්දින ක්‍රිකට් තරඟාවලියේ තෙවන තරඟය අද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

තරඟයේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත නායක ටොම් ප්‍රෙස්ට් මුලින්ම පන්දු රැකීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කලේය. තරඟාවලිය පුරාවටම දක්ශතා අතර සිටි ශ්‍රී ලංකා යොවුන් පන්දු යවනන් ඉදිරියේ එංගලන්ත පිතිකරුවෝ එකිනෙකා පසුපස එකිනෙකා දැවී ගියේය.

එංගලන්ත යොවුන් පිතිකරුවන් හට පන්දුවාර 34 කුත් පන්දු 3 ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 114 ක් පමණි.

එකදු ක්‍රීඩකයෙකුට හෝ ලකුණු 20 සීමාව ඉක්මවා යාමට ශ්‍රී ලංකා පන්දු යවනන් අවකාශය ලබා නොදුන්නේය.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් රෙහාන් අහමඩ් ලකුණු 19 ක් රැස් කලේය.

තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමින් නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 13 කට කඩුලු 3 ක් බිඳ දැමීය . යසිරු රොද්‍රිගෝ , ටෙරීන් මැතිව් හා රවීන් ද සිල්වා අතර කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

ලකුණු 115 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 44 ක් අවසානයේදී කඩුලු 8 ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කර ගියේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අංජල බණ්ඩාර හතරේ පහර හතරක් සමඟින් ලකුණු 29 ක් රැස් කලේය.

නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 18 ක් රැස් කලේය. පන්දු යැවීමේදී රෙහාන් අහමඩ් හා තෝමස් ඇස්පින්වෝල් අතර කඩුලු 2 ක බැඟින් බෙදී ගියේය.

දෙරට අතර පැවැති තෙවැනි තරඟය ජයගැනීමෙන් අනතුරුව තරඟාවලිය තරඟ 2-1 ලෙසින් පෙරමුණ ගන්නට සත්කාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.

දෙරට අතර සිව්වන එක්දින තරඟය ලබන 8 වැනිදා ආරම්බ වීමට නියමිතය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button