Cricket NewsEXCLUSIVEUnder-19

සදිශ රාජපක්ශගේ සුපිරි පිතිකරණය අපතේ යවමින් එංගලන්ත තරුණයන් 5වන තරඟය ජයගනී – තරඟාවලියේ ජය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට.!

සංචාරක එංගලන්ත 19න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ 5 කින් යුත් එක්දින තරඟාවලියේ පස්වැනි තරඟය අද කොළඹ SSC පිටියේදී පැවැත්වුණි.

තරඟාවලිය තරඟ 3-1 ක් ලෙස ජයගෙන සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද මෙහෙයවනු ලැබුවේ රවීන්ද සිල්වා විසිනි . අද තරඟයේදී අභිශේක් ලියනාරච්චි,ලහිරු අබේසිංහ හා සකුණ නිදර්ශන එක්දින වරම් දිනාගත්තේය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක රවීන්ද සිල්වා මුලින්ම පන්දු රැකීමට තීරණය කලේය.පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි එංගලන්ත ඉනිමට මනා ආරම්භයක් ලබාගන්නට විලියම් ලක්ස්ටන් සමත් වූ අතර ශතකය ආසන්නයේදී ලකුණු 84 ක් ලබා සිටි ලක්ස්ටන් ආබාධයක් නිසාවෙන් ක්‍රීඩාංගණයෙන් ඉවත් විය.

නම් දැරූ සෙසු එකදු ක්‍රීඩකයෙකුට හෝ පිටියේ ස්‍ථාවර වන්නට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර යම්තාක් දුරට හෝ සාර්ථක වූ කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් හෝට්න් ලකුණු 36 ක් රැස් කලේය.

සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් විනුජ රන්පුල් ලකුණු 45 කට කඩුලු 4 ක් බිඳ දැමීය. සදිශ රාජපක්ෂ කඩුලු දෙකක් බිඳ දැමීය. නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8 ක් පමණක් දැවී ලකුණු 214 ක් රැස් කරන්නට සංචාරක එංගලන්ත යොවුන් පිල සමත් විය.

ලකුණු 215 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිලේ සියලුම කඩුලු පන්දුවාර 35 කුත් එක් පන්දුවක් අවසානයේදී දැවී ගියේය.

හුදෙකලා සටනක් දියත් කල සදිශ රාජපක්ශ ලකුණු 66 ක් රැස් කලේය. අභිශේක් ලියනාරච්චි ලකුණු 24 ක් හා සකුණ නිදර්ශන ලකුණු 20 ක් රැස් කලේය.

පන්දු යැවීමේදී එංගලන්ත පිල වෙනුවෙන් නායකත්වයේ වගකීම ඉටු කරමින් ශ්‍රී ලංකා ඉනිම විනාශ කර දමන්නට සමත් විය. ලකුණු 41 කට කඩුලු 6 ක් දවාගන්නට නායක ටොම් ප්‍රෙස්ට් සමත් විය ඔහුට අගනා සහයක් වෙමින් තෝමස් ඇස්පින්වෝන් කඩුලු දෙකක් බිඳ දමන්නට සමත් විය.

කෙසේ නමුත් සත්කාරක ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 36 කදී සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 166 ක් පමණි.දෙරට අතර පැවැති පස්වැනි හා අවසන් යොවුන් එක්දින තරඟය සංචාරක එංගලන්ත පිල ලකුණු 48 කින් ජයගන්නට සමත් විය.

කෙසේ නමුත් තරඟාවලිය තරඟ 3-2ක් ලෙස ජයගන්නට සත්කාරක ශ්‍රී ලංකා යොවුන් කීඩකයන් සමත් වීමත් සමඟ මේ වසරේ වැඩිම ජයග්‍රහණ ලබාගත් යොවුන් කණ්ඩායම බවට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.

එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 70% කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7