Cricket NewsEXCLUSIVELPLMatch Review

අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ රමේෂ් මෙන්ඩිස්ගේ ප්‍රහාරාත්මක පිතිකරණය අපතේ යවමින් ගාල්ල සහ දඹුල්ල අතර තරඟයට වර්ශාව හරස් වෙයි.!

තරඟාවලියේ 8වන තරඟය ලෙස ,Dambulla Giants කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර අද සවස ආරම්භ වූ තරගය තරඟයේ මැද භාගයේ දී ඇදහැලුණු දැඩි වර්ෂා තත්ත්වය හේතුවෙන් අතරමග නවතා දැමීමට තීරණය කෙරුණා.

අනුව අද තරගය ජය පරාජයකින් තොරව අවසන් වු අතර ඒ අනුව තරගයේ ජයග්‍රාහකයාට පිරිනැමෙන ප්‍රසාද ලකුණු 2, එක් ලකුණ බැගින් කණ්ඩායම් දෙකටම බෙදී ගියා.

වර්ෂාවට පෙර තරඟයේ තත්ත්වය දැක්වූයේ මෙලෙසයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි දඔුලු ක්‍රීඩකයින් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159 ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

නායක දසුන් ශානක ලකුණු 37 ක් රැස් කළ අතර අවසන් පන්දුවාර කිහිපයේ වේගවත් ලකුණු රැස් කිරීමක් ප්‍රදර්ශනය කළ රමේෂ් මෙන්ඩිස් ලකුණු 33 ක් රැස්කිරීමට සමත්වුණා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 30යි.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ Noor ahamed සහ නුවන් තුශාර කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

කෙසේ නමුත් දඔුලු කණ්ඩායම පිතිකරණයේ යෙදෙමින් සිටින අවස්ථාවේ ද වර්ෂාව පතිත වුවත් ඉක්මනින් පහව ගිය නිසා නැවතත් ඔවුන්ගේ ඉනිම ආරම්භ කිරීමට හැකියාව ලැබුනා.

ඒ අනූව ලකුණු 160 ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි Galle Gladiators කණ්ඩායමට පිතිකරණයේ යෙදීමට හැකි වූයේ එක් පන්දුවාරයෙන් සහ පන්දු 2ක් පමණයි.

එහිදී ඔවුන් ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වුවත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය අතහැර දැමීමට සංවිධායකයන් තීරණය කරා.

ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නව ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7