Cricket NewsEXCLUSIVE

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩයල දැඩි තීරණයක – තම රටෙන් කණ්ඩායම් මිලදී ගත්තත් දකුණු අප්‍රිකාණු හා UAE ලීග් තරඟාවලි ඉන්දීය ක්‍රීඩකයින්ට තහනම් කරයි.!

මූල්‍යමය අතින් වඩාත් ශක්තිමත්ම හා ප්‍රභලතම ක්‍රිකට් පාලක මණ්ඩයලයට හිමිකම් කියනුයේ ඉන්දියාවයි.වසර ගණනාවක් පුරාවට ඔවුන් තම මධ්‍යම කොන්ත්‍රාත්තුව හා ගිවිසුම් ගත ක්‍රීඩකයින් වෙනුවෙන් දැඩි තීරණයක සිටියේය.

ඔවුන් දිගින් දිගටම ජාතික කණ්ඩායමේ කාර්‍ය වෙනුවෙන් ක්‍රීඩකයින් කලමණාකරණය කිරීම වෙනුවෙන් ඔවුන් වටිනා ප්‍රතිපත්ති රැසක් අනුගමනය කලේය.

ඒ අතර ඔවුන් තම ගිවිසුම් ගත හා කොන්ත්‍රාත්තු හිමි ක්‍රීඩකයින් හට විදේශීය ක්‍රිකට් ලීග සියල්ලක්ම පාහේ තහනම් කර දැමීය.

මෙවර ලීග් තරඟ කාලසටහනට කෝඩු කාරයින් ලෙසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා දේදුණු දේශය කේන්ද්‍ර කොටගනිමින් මූල්‍යමය අතින් ඉහල බවට පිලිගැනෙන තරඟාවලි දෙකක් ඇතුලත් වන අතර එම තරඟාවලි දෙකේම කණ්ඩායම් කිහිපයක් අයිපීඑල් හිමිකරුවන්ගේම වීමද විශේෂත්වයක් .

කෙසේ නමුත් එලෙසින් එම තරඟාවලි ද්විත්වය තුල ඉන්දීය ආධිපත්‍යය ආරම්භයේ සිටම ව්‍යාප්ත වද්දී බොහෝ විට මෙම තරඟාවලීන් කිහිපය ඉන්දීය ක්‍රීඩකයින් හට විවර වේ යැයි බොහෝ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් අනාවැකි පලකරන අයුරු පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණි.

නමුත් අද පෙරවරුව වන විට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මාධ්‍ය වෙත නිල වශයෙන් සඳහන් කර සිටියේ ගිවිසුම්ගත හෝ විශ්‍රාම ගොස් අයීපීඑල් ක්‍රීඩා කරන කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු හට එළඹෙන දකුණු අප්‍රිකාවෙහි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි විස්සයි 20 ලීග් තරඟාවලිය සදහා සහභාගි වීමට අවසර ලබා නොදෙන බවය.

තවදුරටත් ඔවුන් අවදාරණය කර සිටියේ එකී කණ්ඩායම් වල උපදේශකවරයෙකු ලෙසවත් ගිවිසුම්ගත හෝ විශ්‍රාම ගොස් අයීපීඑල් ක්‍රීඩා කරන කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු හට එම තරඟාවලි සඳහා එක්විය නොහැකි බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button