Cricket NewsEXCLUSIVE

උගන්ඩාව පැරදූ ශ්‍රී ලංකා යුධ හමුදාවට කඩුලු 5 ක ජයක් !

සංචාරක උගන්ඩා කන්ඩායමේ මෙරට පුහුණු තරඟ කිහිපයෙන් තවත් එක් තරඟයක් අද යුධ හමුදා කන්ඩායමත් උගන්ඩා පිල අතරත් පැවැත්විණි.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් උගන්ඩා කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 110 ක් පමණයි.

සුපිරි පන්දුයැවීමක නිරත වෙමින් අසේල ගුණරත්න ලකුණු 10 කට කඩුලු 3 ක් බිඳ හෙලන්නට සමත් විය.

ලකුණු 111 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යුධ හමුදා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 116 ක් රැස් කරගනිමින් එම ඉලක්කය පසු කර ගියේය.

තිසර පෙරේරා ලකණු 40 ක් හා ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 38 ක් රැස් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button