Cricket NewsEXCLUSIVEIPL

IPL 2022 තරඟාවලියේ වනිඳු හසරංග ක්‍රීඩා කරන RCB කණ්ඩායමේ නායකත්වය විරාට් කෝලිගෙන් Faf හට හිමි වෙයි.!

මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙහෙයවීම සඳහා දකුණු අප්‍රිකානු ජාතික Faf du Plessisව තෝරාගෙන තිබෙනවා.

2012 වසරේ සිටම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන Faf du Plessis චෙන්නායි කණ්ඩායම දිනාගත් ශූරතා රැසකදීම ඉදිරිපෙළ ක්‍රීඩකයකු බවට පත් වුනා.

පසුගිය මාසයේදී පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී සෙසු කණ්ඩායම් සමගින් තියුණු තරගයක නිරත වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් බලධාරීහු ඇමරිකානු ඩොලර් 900,000 ක දැවැන්ත මුදලකට Faf du Plessisව මිලදී ගැනීමට කටයුතු කළා.

“වැදගත්කම අනුව Faf du Plessis අපේ ලයිස්තුවේ ඉහළින්ම හිටියා” යයි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වය ප්‍රකාශයට පත්කරමින් කණ්ඩායමේ සභාපති ප්‍රත්මේෂ් මිෂ්රා පවසා තිබෙනවා.

“එයා මෙතැනට ගේන්නේ ඔහුගේ නායකත්වයේ හැකියාවන් විතරක් නෙමේ. ඔහු IPL තරගාවලියේදී තමන්ගේ තරම පෙන්වූ ක්‍රීඩකයෙක්” යයිද මිෂ්රා මහතා මෙහිදී පවසා තිබෙනවා.

හිටපු දකුණු අප්‍රිකානු නායකයා, බංග්ලාදේශයේදී පැවැත්වෙන BPL විස්සයි-20 තරගාවලියේ ජයග්‍රාහකයන් වන කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමද මෙහෙයවනු ලැබුවේ Faf du Plessis විසිනි.

Faf du Plessis පසුගිය වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගත්තේ එම වසරේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේ අරමුණිනි.

එහෙත් පසුගිය ඔක්තෝබරයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම්කරන ලද දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඔහුව තෝරා නොගැනුනු අතර එසේ වුවත්, ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට දින කිහිපයක් තිබියදී පැවැති IPL අවසන් මහ තරගයේදී පන්දු 59 කින් ලකුණු 86 ක් ලබාගත් Faf du Plessis, සිව්වැනි වතාවටත් චෙන්නායි පිලට IPL ශූරතාව දිනා දුන්නේය.

විරාට් කෝලි මෙහෙයවූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තුන් වතාවක්ම IPL තරගාවලියේ අනුශූරයන් වී ඇතත් මෙතෙක් එහි ශූරතාව දිනාගෙන නැත.

බැංගලෝර් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූ නමුත් විරාට් කෝලි තවදුරටත් කණ්ඩායම සමගින් සිටිනු ඇත.

මේ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නාගේ වගකීම ලැබී ඇත්තේ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග හටයි.

වනිදු ද මෙවර ඒ අනුව Faf du Plessisගේ නායකත්වය යටතේ තරඟ වදිමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7