Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා කණ්ඩායමේ දියාරු පිතිකරණයෙන් පන්දු යවන්නන්ගේ දස්කම් සේදෙයි – දෙවන තරඟයේත් වැඩි ගෞරවය ඉන්දියාවට.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරගය අද M. Chinnaswamy Stadium හිදී ආරම්භ වුණා.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය නායක Rohit Sharma ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 59.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 253ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ලසිත් ඇඹුල්දෙනිය සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් දවා ගනිමින් ප්‍රතිවාදී ඉන්දියා කණ්ඩායමේ පිතිකරුවන් මර්දනය කිරීමට සමත් වුණා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් දස්කම් දක්වමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 253 ක් වැනි අගයකට සීමා කිරීමට සමත් වුවත් ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය හේතුවෙන් අද දවසේ වැඩි ගෞරවය ඉන්දීය කණ්ඩායමට හිමි වුණා.

ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් තරමක හෝ දස්කම් දැක්වීමට සමත් වූයේ ඇන්ජලෝ මැතිව්ස් පමණයි ඔහු ලකුණු 43 ක් රැස් කිරීමට සමත් වුණා.

නිරෝෂන් දික්වැල්ල සහ ලසිත් ඇඹුල්දෙනිය මේ වන විට නොදැවී ක්‍රීඩා කරන අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 13ක් ලබා ක්‍රීඩා කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා ඉණිමේ තෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ධනංජය ද සිල්වා රැස්කළේ ලකුණු 10ක් පමණයි.

ලහිරු තිරිමාන්න ලකුණු 8කට දැවී ගියා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 4ක් රැස් කළ අතර කලකට පසුව ටෙස්ට් පිටියට පැමිණි කුසල් මෙන්ඩිස්ට අදත් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 2ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Jasprit Bumrah කඩුලු 3ක් බිඳ හෙලූ අතර ඊට අනගි සහයක් ලබා දුන් Mohammad shami කඩුලු දෙකක් බිඳ හෙලූවා.

ඒ අනුව දිනය අවසානයේ ‍ශ්‍රි ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දිස්වුයේ කඩුලු 6ක් දැවී ලකුණු 86ක් ලෙසයි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට වඩා ලකුණු 166ක් පසුපසින් සිටින්නේ කඩුලු 4ක් පමණක් අතැතිවයි.

තරඟයේ කෙටි ලකුණු සටහන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button