Cricket NewsEXCLUSIVE

ICC විකාශන අයිතිය ලබා ගැනීමේ සටනට Fancode සහ Amazon Prime එක් වෙයි – රෑපවාහිනියෙන් ක්‍රිකට් තරඟ නැරඹීමේ අවස්ථාව අහිමි වී යාවිද ?

ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අති දැවැන්ත වාණිජ වටිනාකමක් දරනු ලබන අතර ලෝකය පුරා විසිරී සිටින මිලියන සංඛ්‍යාත ක්‍රිකට් රසිකයන් එයට හෙතුවයි.

ඒ අනුව ක්‍රීඩා තරඟ වල නිල විකාශන අයිතිය ලබාගැනීම සඳහා ද ලෝකයේ දැවැන්ත මාධ්‍ය සමාගම් කරට කර තරඟයක නිරතවී සිටින බව නොරහසක්. ඒ අනුව 2024-2031 වසර 8 ක කාලයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් මෙහෙයවන ශුරයන්ගේ කුසලානය, විස්සයි-20 ලෝක කුසලානය, එක්දින ලෝක කුසගානය වැනි තරගාවලියන්හි විකාශන අයිතිය ලබා ගැනීමට සමාගම් 6 ක් ඉදිරිපත් වී තිබෙනවා.

1. Star Sports (Disney Star)
2. Sony Pictures Network India
3. ZEE
4. Sports18 (Viacom 18)
5. Fancode
6. Amazon Prime Video

මෙහි විශේෂත්වය වන්නේ Fancode සහ Amazon Prime Video යන සමාගම් Mobile App හරහා ක්‍රියාත්මක වන ආයතනය වන බැවින් යම් හෙයකින් ඔවුන් නිළ විකාශ අයිතිය ලබා ගත හොත් ලෝකය පුරා විසිරී සිටින ක්‍රිකට් ප්‍රෙක්ශකයන්ට රෑපවාහිනියෙන් ක්‍රිකට් තරඟ නැරඹීමේ අවස්ථාව අහිමි වී යනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7