Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ධජයේ වර්ණ සංකලනයෙන් හැඩ වූ, ආසියානු කුසලානයේදී සිංහයන් පළඳින නිළ ජර්සිය.!

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

ඒ අනුව එළඹෙන සෙනසුරාදා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරඟයේදී මෙවර ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වීමට සියල්ල සුදානමෙන් පවතී.

මේ අතර මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පළඳින නිළ ජර්සිය මාධ්‍යට නිරාවරණය කර තිබෙනවා. මෙවර ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රහයකත්වය දරනු ලබන්නේ FairPlay News සමාගමයි.

ශ්‍රී ලංකා ධජයේ වර්ණ නිසි ලෙස සංකලනය කරමින් මෙවර ආසියානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා නිළ ජර්සිය නිමවා තිබෙනවා.

ශ්‍රී ලංකා නිළ ජර්සියේ පැහැදිලි ජායාරූපයක් පහතින්,

විශේෂ ස්තූතිය Srilanka Cricket Lovers පිටුවට.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7