Cricket NewsEXCLUSIVEFuture Stars

මහනුවරින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එන මීලඟ අද්විතීය මුල් පෙල පිතිකරුවා අසිත වන්නිනායක ද ?

ඉකුත් දා ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම රවීන්ද සිල්වාගේ නායකත්වය යටතේ එංගලන්තය බලා පිටත්ව ගියේ සිව්දින ටෙස්ට් තරඟ 2 කින් හා යොවුන් එක්දින තරඟ තුනකින් සමන්විත තරඟාවලියක් සඳහා වන අතර එහි පළමු තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.

එමෙන්ම මෙවර තරඟාවලිය සඳහා නම් කල ශ්‍රී ලංකා යොවුන් සංචිතයට නුපුරුදු නම් කිහිපයක්ම ඇතුලත් වූ අතර එකී නම් අතර අසිත වන්නිනායකගේ නම ඉදිරියෙන්ම තිබුණි බව නොරහසක්.

මෙම තරඟාවලිය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු සිව්දින පුහුණු තරඟය සඳහා එක්වුණි. ඒ එංගලන්තයේ Young Lions invitational XI කණ්ඩායමට එරෙහිව Loughborough හිදීය. තරඟය ජයපරාජයෙන් තොරව අවසන් වූවත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් එංගලන්ත තණතීරු තුල දැක්වූ දස්කම් විශිෂ්ඨ මට්ටමක තිබුණි.

ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 7 ක් පමණක් දැවී ලකුණු 247 ක් දක්වා ඔසවා තබද්දී ඒ සඳහා අවශ්‍ය අඩිතාලම දැමුවේ ආරම්භක පිතිකරු ලෙසින් ක්‍රීඩා කල අසිත වන්නිනායක විසිනි. පන්දු 200 ක් පුරාවට කඩුල්ලේ රැඳී සිටිමින් වඩාත් ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරමින් හතරේ පහර 13 ක්ද සමඟින් ලකුණු 100 ක් රැස් කලේය. අසිතගේ මෙම ඉනිම තුල ඔහු පන්දුවට පහර දුන්නේ වඩාත් සංයමයකින් ඔපමට්ටම් වූ තාක්ෂණයක්ද සමඟිනි.වමතින් පිත්ත හසුරවන අසිත පිටිය සිසාරා පහරවල් එල්ල කිරීමේ රුසියෙක් බව එම පන්දු 200 පුරාවටම ඔහු පෙන්නුම් කලේය.

පුහුණු තරඟයේදී ලබාගත් එම අත්දැකීම් සාර්ථකව උපයෝගී කරගත් අසිත පිට පිට දෙවන ශතකය වාර්ථා කලේ එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවති ආරම්භක ටෙස්ට් තරඟයේදී එංගලන්තය 19 න් පහළ කණ්ඩායමට එරෙහිවය. ඉනිමේ වැඩිම ලකුණු ලාබියා වෙමින් අසිත පන්දු 315 ක් පුරාවට කඩුල්කේ රැඳී සිටිමින් ලකුණු 132 ක් රැස් කලකල අතර ඔහුගේ ඉනිම හතරේ පහර 19 කින් වර්ණවත් විය.

යලිත් ඉවසිලිවන්ත වෙමින් සාර්ථක ඉනිමක් කරා යන්නට මේ යෞවනයා සමත් වූයේ ප්‍රභල එංගලන්තය යොවුන් වේගපන්දු යවන්නන් ඉදිරියේ හොඳින් පන්දුව තෝරාබේරාගන්නට තමන් සතු හැකියාව පෙන්නුම් කරමිනි. අසිතගේ ඉනිම වටා රනුද සෝමරත්න හා නායක රවීන් ද සිල්වා ගොඩනැගූ විශිෂ්ඨ සබඳතා හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙම තරඟය විශිෂ්ට ජයග්‍රහණයකින් අවසන් වුවා.

අසිත එක් තරඟාවලියකින් අවධානය දිනාගත් යොවුන් ක්‍රීඩකයෙකු නොවේ.පැහැබර අනාගතයකට උරුමකම් කියන අසිත වන්නිනායක යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පතාක යෝධයින් බිහිකල මහනුවර සාන්ත අන්තෝනි විද්‍යලයේ නිමැවුමකි. දේශීය පිටිය තුල ඔහු කුරුණෑගල ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස වඩාත් සාර්ථක වන්නට සමත් වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
2
+1
1
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button