Cricket NewsEXCLUSIVEInternational

“රාහුල් ඩ්‍රාවිඩ් මට විශ්‍රාම ගන්න කිව්වා” Wriddhiman Saha කියයි – “මට ඔහු ගැන ලොකු ගෞරවයක් තියෙනව, ඒකයි එහෙම කිව්වෙ” රාහුල් ඩ්‍රාවිඩ් කියයි

Rahul Dravid Reveals Why He Suggested Wriddhiman Saha To Think About Retirement

ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය පසුගිය දා නම් කෙරුණ අතර ඒ සදහා ඉන්දීය කඩුලු රකින පිතිකරු Wriddhiman Saha ගෙ නම ඇතුළත් නොවීය.

ඒ පිළිබද අදහස් දක්වමින් Wriddhiman Saha මෙසෙ මාධ්‍යට කියා සිටියා,

“කණ්ඩායම් කළමනාකාරිත්වය මට කිව්වා මාව මින් ඉදිරියට තරගාවලි සඳහා සලකන්නේ නැහැ කියලා. මම ඉන්දීය කණ්ඩායමේ හිටපු නිසා මට මේක කියන්න බැහැ. පුහුණුකරු Rahul Dravid පවා මට යෝජනා කළා විශ්‍රාම ගැනීම ගැන හිතන්න කියලා”,

Wriddhiman Saha will be fit for Australia Tests: Sourav Ganguly | Cricket News - Times of India

Wriddhiman Sahaගෙ මෙම ප්‍රකාශය පිළිබදව ඉන්දිය ප්‍රධාන පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ්ගෙන් මාධ්‍ය ප්‍රශ්ණ කල අවස්ථාවෙ ඔහු දැක්වූයේ මෙවන් අදහසක් ,

“ඔහුගේ ප්‍රකාශය නිසා මට කිසිම හානියක් නැහැ”. “Wriddhiman Sahaට සහ ඔහුගේ ජයග්‍රහණවලට වගේම ඔහු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලද දායකත්වය ගැන මට කෙරෙහි ලොකු ගෞරවයක් තියනවා. ඔහු සමඟ මගේ සංවාදය ඇත්ත වශයෙන්ම පටන් ගත්තේ එතැනින්. ඔහුට මගේ ගෞරවය හිමිවෙනවා. ඔහුට ඔහුගේ අනාගතය ගැන අවංකව සහ පැහැදිලිව අදහසක් තියෙන්න ඕනේ ඒ නිසා මට ඕනේ වුනේ මාධ්‍යයෙන් දැනගන්න කලින් ඔහුට ඒක කියන්න.”

A new era beckons Indian cricket under Rahul Dravid | Deccan Herald

“මේවා මම ක්‍රීඩකයන් සමඟ නිරන්තරයෙන් කරන සංවාද. මම කාගෙවත් හිතක් කිසිසේත්ම රිදවන්නේ නැහැ. මොකද ක්‍රීඩකයන් හැමවිටම මම කියන හැම දේකටම කැමති වෙයි කියලා මම හිතන්නෙ නැහැ. එහෙමත් නැත්නම් මම කියන හැමදේකටම එකඟ වෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ නැහැ. ඔබට සමහර වෙලාවට යම් යම් පුද්ගලයන් එක්ක අමාරු සංවාද කරන්න වෙනවා. සමහර විට ක්‍රීඩකයන් එක්ක වෙන්න පුළුවන්. ඒ හැමවෙලාවකම ඔවුන් අපිත් එක්ක එකඟ වේවි කියලා හිතන්න බැහැ. එහෙමයි කියලා ඒ වගේ දේවල් නොකියා ඉන්න අපිට හැකියාවක් නැහැ.”

Gautam Gambhir gives his verdict on Rahul Dravid's appointment as India coach, lists 3 reasons why he will be successful | Cricket - Hindustan Times

“ක්‍රීඩකයින් සමහර අවස්ථාවල දී කලබල වෙන්න පුළුවන්. ඔවුන්ට රිදෙන්න පුළුවන්. ඒක ස්වාභාවිකයි. නමුත් මට ඔවුන් ගැන ඇති ගෞරවය නිසා සහ මම මගේ කණ්ඩායමට පැහැදිලිභාවයක් සහ අවංකභාවයක් දෙන්න ඕනේ නිසා මම ඔවුන්ට කතා කරනවා” යනුවෙන් ඉන්දීය පුහුණුකරු අදහස් දක්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7