Cricket NewsEXCLUSIVE

විශිෂ්ට වේගපන්දු බලඇණියක් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය කළ, වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්ටත් ශ්‍රී ලංකා කණ්ඩායම හැර යාමට සිදු වෙයි.!

පසුගියදා අවසන් වූ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දී ද ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පවා තිබූ සැලසුම් වෙනස් කරමින් නව සැලසුම් ඔස්සේ පුහුණු වීමට පවා යොමු කිරීමට සමත් වූ ශ්‍රී ලංකා වේගපන්දු බල ඇණිය පිළිබඳව විදෙස් විචාරකයින් පවා අදහස් දක්වා සිටියේ මේ ලොව ඕනෑම කණ්ඩායමක් මුහුණදීමට දෙවරක් සිතිය යුතු වේගපන්දු බල ඇණියක් ලෙසයි.

කෙටිකාලීනව එතරම් දියුණුවක් අත්කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා වේගපන්දු බල ඇණියේ දෘශ්‍යමාන බලවේගය බවට පත්ව සිටියේ හිටපු ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්ය.

ඉතා කෙටි කාලයක් තුල චමින්ද වාස් නම් වේගපන්දු පුහුණුකරුවා යටතේ ශ්‍රී ලංකා වේගපන්දු බල ඇණිය නවමු මාවතකට යොමු වු බව ජාත්‍යන්තර මාද්‍ය පවා වාර්තා කර සිටි සත්‍ය කරුණක්.

කෙසේ නමුත් චමින්ද වාස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගතව සිටියේ මාස 6ක පමණ කාලයක් සඳහාය

ඒ අනුව එම මාස 6ක කාලය ඊයේ නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියත් සමග අවසන් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර් මහතා සමගම වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැර යාමට සිදු වනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් චමින්ද වාස් මහතාගේ සේවා කාලය දිගු කිරීමට තීරණය නොකිරීම හේතුවෙනි.

කෙසේ නමුත් ඉතා කෙටි කාලයක් තුළ ලොව ඕනෑම ප්‍රබල කණ්ඩායමකට එරෙහිව තියුණු සටනක් නිර්මාණය කළ හැකි වේග පන්දු බලඇණියක් නිර්මාණය කළ චමින්ද වාස්ගේ සේවා කාලය තවත් වසර කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග තිබුණා නම් ඉදිරි වසර කිහිපයේ ලොව ඕනෑම රටක් ‍ශ්‍රි ලංකාව සමග තරගයක් ක්‍රීඩා කිරීමට පෙර දෙවරක් සිතනු නොඅනුමානය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7