Cricket NewsEXCLUSIVET10 League

වනිඳු හසරංගගේ විශිෂ්ට දස්කම් මැද Deccan Gladiators කණ්ඩායම ලොව වේගවත්ම ක්‍රිකට් ලීගයේ ශුරයන් ලෙස කිරුළු පළඳියි.!

ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන Abu Dhabi T10 තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වුණේ ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග නියෝජනය කරන Deccan Gladiators කණ්ඩායම සහ Delhi Bulls කණ්ඩායම අතරයි.

එම තරඟයෙන් ලකුණු 56ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට Deccan Gladiators කණ්ඩායම සමත්වුණා.

එමෙන්ම විශේෂත්වය වන්නේ මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ද ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වීමයි.

ඔහු මෙම මෙවර T10 තරඟාවලිය පුරාවට කඩුලු 21ක් බිඳ හෙලීමට සමත් ව තිබෙන අතර එය ඉතිහාසගත වන්නේ එක් T10 තරග වාරයක ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙසයි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Delhi bulls කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Deccan gladiators පිතිකරුවන්ට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Deccan Gladiators පිතිකරුවන් අබුඩාබි පිටිය පුරාවට එල්ල කරන අලංකාර පහරවල් සමග ඉතා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් එකදු කඩුල්ලක් හෝ නොදැවී නියමිත පන්දුවාර 10 අවසානයේ ලකුණු 159 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

අධිවේගී ලකුණු රැස් කිරීමක නිරත වූ Deccan Gladiators කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙපළ වන Tom Kohler-Cadmore සහ Andre Russell, Delhi bulls පන්දු යවන්නන්ට කිසිදු ඉඩක් ලබා දුන්නේ නැහැ.

Andre Russell පන්දු 32ක් තුළ වේගවත් ලකුණු 90 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පාරවල් 7ක් සමග හතරේ පහරවල් 9ක් ඇතුළත් වුනා.

Tom Kohler පන්දු 28ක් තුළ ලකුණු 59ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 5 ක් සහ හතරේ පහරවල් 3ක් ඇතුළත් වුණා.

අනතුරුව ලකුණු 160 ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi bulls කණ්ඩායමට කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 103ක් පමණයි.

Delhi ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වු Chandrapaul Hemraj පන්දු 20කින් වේගවත් ලකුණු 42ක් රැස් කිරීමට සමත්වුනා.

පන්දු යැවීමේදී වනිදු හසරංග, Oden Smith සහ Tymal Mils කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 56ක විශිෂ්ට ජයග්‍රහණයක් Deccan Gladiators කණ්ඩායමට හිමි වූයේ 2021 වසරේ ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය ද Deccan Gladiators කණ්ඩායමට හිමිකර දෙමිනි.

අවසාන තරඟයේ වීරයා බවට Andre Russell පත්වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7