Cricket NewsEXCLUSIVEFuture Stars

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ 163 වන ටෙස්ට් වරම් ලාභියා ලෙස ඇන්ජි අතින් ටෙස්ට් හිස්වැස්ම ලබාගත් පළමු පෙළ පිටියේ ලකුණු මැෂිම – නිශාන් මධුෂ්ක

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (17 ) වෙලිංටන් හිදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු රකින්නාගේ අත් ආවරණ ලැබී ඇත්තේ සිය මංගල ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ක්‍රීඩා කරන නිශාන් මධුෂ්කටයි. ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ ටෙස්ට් වරම් දිනාගත් 163 වෙනි ක්‍රීඩකයා ලෙස, ඇන්ජලෝ මැතිව්ස් අතින් නිශාන් ටෙස්ට් හිස් වැස්ම ලබා ගනු ලැබුවා.

මොරටු මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි, 23 හැවිරිදි ක්‍රීඩකයකු වන නිශාන් මධුෂ්ක, පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ එංගලන්ත දෙවැනි පෙළ (Lions) කණ්ඩායමට එරෙහිව අති විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුයේ ක්‍රිකට් ලෝකයේම අවදානය දිනා ගනිමිනි. ටෙස්ට් ක්‍රීඩකයන් කිහිප දෙනකුගෙන්ද සමන්විත වූ Lions හමුවේ, ආරම්භක පිතිකරුවකු වශයෙන්, කව්ද නිශාන් මධුෂ්කගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 150, 01, 241, 22 සහ 100 ක් ලෙසිනි.

ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ලකුණු 331 ක අවාසියකට මුහුණ දෙමින් සිටියදී පිටියට පිවිසි නිශාන් මධුෂ්ක ලබාගත් ලකුණු 241 නිසා ශ්‍රී ලංකා ‘A’ ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමේදී ලකුණු 663 ක් ලබාගත්හ. අවසානයේදී එංගලන්ත පිලට පරාජයෙන් ගැලවීමේ සටනක නිරත වීමට ද සිදුවිය.

ඒ අනුව මෙරට ක්‍රිකට් විචාරකයන් පවා ශ්‍රී ලංකා පළමු පෙළ පිටියේ ලකුණු මැෂිම ලෙසින් හඳුන්වන 23 හැවිරිදි නිශාන් මධුෂ්කට ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රිකට් මාධ්‍ය ජාලයෙන් සුභ පැතුම්.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
1
+1
6
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button