Cricket NewsEXCLUSIVEIPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Delhi Capitals හි නව නායකයා ලෙස ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් නම් කෙරේ.!

තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා එක්වන දිල්ලි කැපිටල්ස් නිත්‍ය නායක රිශාබ් පාන්ට් අනතුරකට ලක්වූයේ මීට මාස කිහිපයකට ඉහතදීය.ඒ හේතුවෙන් සැලකිය යුතු කාලයකට රිශාබ් හට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටිය යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූ අතර රිශාබ් හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියද අහිමි වනු ඇත.

ඒහේතුවෙන් මෙවර තරඟාවලිය සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වය ඩේවිඩ් වෝනර් හට හිමිව තිබෙන අතර ඔහු මීට පෙර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය දැරීය.නායකයෙකු ලෙසින් මෙන්ම ක්‍රීඩකයෙකු ලෙසින්ද ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල බිහිවූ දැවැන්ත චරිතයක් ලෙස ඩේවිඩ් වෝනර් හැඳින්වේ.

කෙසේ නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල වෝනර් තරඟ 69 කට නායකත්වය දී ඇති අතර එයින් අතර 35 ක් ජයග්‍රහණය කරන්නට සමත්ව ඇති අතර පරාජය වූ තරඟ ගනන 32 කි.

එමෙන්ම දිල්ලි කණ්ඩායමේ උපනායකයා ලෙසින් කටයුතු කරනු ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7