Cricket NewsEXCLUSIVEIPL

වසර 15 ක IPL ඉතිහාසයේ ප්‍රථම වරට CSK නායකත්වයෙන් වෙනස් වෙයි – නව නායකයා Ravindra Jadeja

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි.

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙවර නව මුහුණුවරකින් පැවැත්වෙන අතර කණ්ඩායම් 10ක් ශූරතාවය සදහා තරග කරනු ලබනවා.

මෙවර තරඟාවලිය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදී තරගාවලිය තව තවත් උනුසුම් කරන පුවතක් මීට සුළු මොහොතකට පෙර වාර්තා වූවා.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ දා පටන්ම අති සාර්ථක කණ්ඩායමක් ලෙසින් හැඳින්වෙන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය ප්‍රථම වරට තරඟවාරයක් සඳමා වෙනස් වීමයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ආරම්භයේ පටන්ම මෙහෙයවනු ලැබුවේ ඉන්දියාවෙන් බිහි වූ සුපිරි නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසිනුයි.

දෝනි ක්‍රීඩා නොකරන තරඟ කිහිපයක් සඳහා සුරේෂ් රයිනා විසින් කණ්ඩායමට නායකත්වය සපයනු ලැබුවා.

කෙසේ නමුත් මෙම මෙවර තරග වාරය ආරම්භයේ සිට CSK හි නායකත්වය දරනු ලබන්නේ Ravindra Jadeja විසිනුයි.

2012 වසරේ සිට අඛණ්ඩව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන Ravindra Jadeja චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තීරණාත්මක ක්‍රීඩකයෙකු ලෙසටයි සැලකෙන්නේ.

මේ පිළිබඳව විශේෂ සටහනක් එක් කරමින් Chennai super kings කණ්ඩායම ප්‍රකාශ කර තිබෙන්නේ මහේන්ද්‍ර සිං දෝනි සිය නායකත්වය අත හැරීමට තීරණය කර ඇති බවයි. කෙසේ නමුත් ඔහු මෙවර තරගාවලිය ක්‍රීඩකයෙකු ලෙස නියෝජනය කරන අතර මින් ඉදිරියට පැවැත්වෙන තරඟාවලිය ද ක්‍රිඩකයකු ලෙස නියෝජනය කරනු ඇති බවයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පසුගිය වසරේ ශූරයන්ද වන අතර තරඟාවලි⁣ය පුරාවට ශුරතා 4කට හිමිකම් කියන ඔවුන් තරඟාවලියේ සාර්ථකම කණ්ඩායම් ද්විත්වයෙන් එකක්ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button