Cricket NewsEXCLUSIVEInternational

දිමුත් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි පහලට යද්දි පැතුම් නිශ්ශංක ඔහුගෙ ස්ථානය රැක ගනී

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ICC නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ.

දිමුත් මේ වන විට නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල අංක 6 වන ස්ථානයේ පසුවන්නේ ශ්‍රේණිගත කිරීම් 781ක් සමඟින්.

දිමුත් කරුණාරත්න පසුගිය සතියේ මෙම ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.එය දිමුත් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානය විය.

නවතම ICC T20I පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයේ රැඳී සිටීමට ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව තිබේ.

ඔහුට ශ්‍රේණිගත කිරීම් ලකුණු 654ක් ඇත. වනිඳු හසරංග ICC T20I පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ රැඳී සිටියි. ICC නිල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු T20i තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ අංක 10 ස්ථානයේ රැඳී සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button