Cricket NewsEXCLUSIVEInternational

සංගාගේ වසර 12ක් පැරණි වාර්තාව බිඳ හෙළමින් ටෙස්ට් ලකුණු 8000සේ සීමාව පසු කළ ලොව වේගවත්ම පිතිකරුවා බවට ස්මිත් පත්වේ.!

පාකිස්තානයට එරෙහිව ලාහෝර් නුවරදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත් ටෙස්ට් ලකුණු 8000 කඩයිම පසුකර යාමට සමත් වුනා.

සිය 85 වැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් ඉනිම් 151 කින් ලකුණු 8000 සීමාව පසුකළ ස්මිත් මේ දක්වා රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 8010 කි.

ටෙස්ට් ඉනිම 152 කින් ලකුණු 8000 කඩයිම පසුකළ කුමාර් සංගක්කාර වසර 12 ක් පුරා රැකගෙන සිටි වාර්තාව බිඳ දැමූ ස්මිත්, මෙම කඩයිම පසුකළ 33 වැනි ක්‍රීඩකයා මෙන්ම 7 වැනි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයාද වනවා.

පා දඟ පන්දු යවන්නකු ලෙසින් සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ ස්මිත්, පාකිස්තානයට එරෙහිව 2010 දී ලන්ඩන් නුවරදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූවා.

එදා මෙදා තුර කාලයේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ශතක 27 ක් ලබා සිටින ස්මිත්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 60.00 ආසන්නයේ පැවතීම ද විශේෂත්වයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7