Cricket NewsEXCLUSIVE

බංග්ලාදේශයට නොසිතූ අකරතැබ්බයක් – ආසියානු කුසලානය පෙනෙන මානයේ තිබියදී ඔවුන් සතු හොඳම ආරම්භක පිතිකරුවා අහිමිවෙයි.!

ඊයේ සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ අවමන් සහගත පරාජයක් ලද බංග්ලාදේශ කණ්ඩායමට තරඟය අතර තුරදී අසන්නට ලැබුනේ එතරම් සුභදායී පුවත් කිහිපයක් නම් නොවේ.බංග්ලාදේශය බිහිකල විශිෂ්ඨත පිතිකරු ලෙසින් සැලකෙන ටමිම් ඉක්බායි ජගත් විස්සයි-20 පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව බංග්ලාදේශ විස්සයි-20 කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින් සාර්ථක මෙහෙයක් ඉටු කරන්නට ලිටන් දාස් මේ වසරේදී සමත් විය.

තරඟ ආකෘති තුනෙහිම මේ වසරේ වැඩිම ලකුණු ලාභියාද වන්නට ලිටන් දාස් හට හැකි විය.

ඊයේ (05) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරඟයේ බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ලිටන් දාස් ලකුණු 81 ක් රැස් කරගෙන සිටියදී පිටියෙන් ඉවත් වූයේ ලකුණු කරා දිවයමින් සිටියදී පාදයේ සිදුවූ මස්පිඬු පෙරලීමක් හේතුවෙනි.

ලිටන් ගේ ආබාධය තරමක් දරුණු වූ හෙයින් ඔහුව වහාම රෝහල කරා රැගෙන යන්නටයි තීරණය කෙරුණේ.

රෝහල් ගත කිරීමෙන් පසුව ස්කෑන් පරීක්ෂණ සඳහා ලිටන් භාජනය කර තිබූ අතර දෙවන ශ්‍රේණියේ මස් පිඬු ආතතියක් හේතුවෙන් ඔහු ආබාධයකට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ. මේ බව නිල වශයෙන් බංග්ලාදේශ කණ්ඩායමේ භෞතික චිකිත්සක වරයා වන මුසාද් ඇල්ෆා මාධ්‍ය වෙත තහවුරු කර සිටියා.

ලිටන් ගේ ආබාධය පිලිබඳව වැඩි දුරටත් අදහස් දක්වන ඔහු කියා සිටියේ ලිටන් හට ආබාධයෙන් යලි යථා තත්වයට පත්වීමට ආසන්න වශයෙන් සති තුනක හෝ හතරක කාලයක් ගතවනු ඇති බවයි.

කෙසේ නමුත් ඔවුන් ලිටන් දාස් එලඹෙන ආසියානු කුසලානයට එක්වීම අවිනිශ්චිත බවද ප්‍රකාශ කර සිටි අතර අවසන් වසර දෙකෙහිදීම ආසියානු කුසලානයේ අනුශූරයින් වූ බංග්ලාදේශයට මෙය විශාල පාඩුවක් වනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7