Cricket NewsEXCLUSIVE

“පහුගිය අවුරුදු කිහිපයේ අපිට හිටියේ තරුණ කණ්ඩායමක්, ඔවුන් ටිකෙන් ටික අත්දැකීම් ලබමින් අද වෙද්දී යම් මට්ටමකට එමින් සිටිනවා” – හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්

අද කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අරම්භ වීමට නියමිත Legends League Cricket තරගාවලියට පෙර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා හිටපු නවසීලන්ත ක්‍රීඩක ඩැනියෙල් විටෝරි එක්විය. නොවැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දඟපන්දු යවන්නගේ කාර්‍යභාර්ය කෙබඳු විය හැකිද යන්න පිලිබඳව එහිදී සාකච්ඡාවට භාජනය කෙරුණා.

මුත්තයියා, වනිඳු හසරංග වැනි පා දඟ පන්දු යවන්නන් වෙත තම විශ්වාසය පල කරද්දී ඩැනියෙල් විටෝරිගේ අදහස අශ්වින් වැනි පිට දඟපන්දු යවන්නන් පිළිබඳව විය.

වේගවත් ඔස්ට්‍රේලියානු තණතීරු තුලදී දඟ පන්දු යවන්නන් හට නිර්මාණය කල හැකි ඉලිප්පීම පිට දඟ පන්දු යවන්නන්ට සාපෙක්ෂව පා දඟ පන්දු යවන්නන්ගේ වැඩි බවත් ඒ හේතුවෙන් හසරංගගේ පන්දු වලට මුහුණ දීමේදී පිතිකරුවන් හට අපහසුවෙන් සිදු කිරීමට වනු ඇති බවත් මුත්තයියා කියා සිටියේය.

“ඕස්ට්‍රේලියාවේ දී වැඩි වශයෙන් ලබා ගත හැකි පන්දුවේ ඉලිප්පීම නිසා පිට දඟපන්දු යවන්නට වඩා, පා දඟපන්දු යවන්නන්ට වැඩි වාසි අත් වේවී. ඒ නිසා මම හිතන්නේ හසරංගගේ පන්දුවලට මුහුණ දීම පිතිකරුවන්ට තරමක් අපහසුවෙන් කරන්න සිදු වේව්, පිතිකරුවන් ඔහුගෙන් ආරක්ෂා වීමට වග බලා ගත යුතුයි. හැබැයි ඔහුගේ පන්දුවලටත් හොඳින් මුහුණ දෙන පිතිකරුවන් නැතුවාම නෙවෙයි.

ඔහු ඉතාම හොඳ විස්සයි විස්ස පන්දු යවන්නෙක්, ඒ නිසානේ ඔහු Royal Challengers Bangalore කණ්ඩායමටත් ක්‍රීඩා කරන්නේ. ඔහු තවම අවුරුදු 25-26 ක තරුණයෙක්, ඒ වුනත් පහුගිය අවුරුදු 2-3ක කාලය ඇතුළත ඔහු විශිෂ්ට දේවල් කරලා තියෙනවා. මම ඔහු සමඟ වැඩිය කතා බහ කරලා නම් නැහැ, අපි වැඩිය එකිනෙකා මුණ ගැහිලත් නැහැ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරුවෙක් ඉන්නවා, ඔහුත් සමඟ එකතු වෙලා හසරංග තවත් දියුණු වීමට අවශ්‍ය කරුණු කතා බහ කර ගනීවී.”

හයවැනි වරටත් ආසියානු කුසලානයක ශූරයින් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වසර 5 ක පමණ කාලය දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් හට අවසන් විස්සයි විස්ස ලෝක කුසලාන දෙකෙහිදීම සුදුසුකම් ලබාගැනීමේ වටයක් සඳහා ක්‍රීඩා කිරීමට සිදුවූවා. නමුත් මේ වන විට යොවුන් කණ්ඩායමක් ලෙසින් ස්ථාවර මට්ටමකට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එලඹෙන ලෝක කුසලානයේදී ඉතා හොඳින් ක්‍රීඩා කරනු ඇති බව මුරලිගේ අදහස විය.

“පහුගිය අවුරුදු කිහිපයේ අපිට හිටියේ තරුණ කණ්ඩායමක්, ඔවුන් ටිකෙන් ටික අත්දැකීම් ලබමින් අද වෙද්දී යම් මට්ටමකට එමින් සිටිනවා, ඒ නිසායි මෙවර ආසියානු කුසලානයේ දී ඔවුන් හොඳින්ම ක්‍රීඩා කළේ. එම කුසලානය ඔවුන්ට හිමි විය යුතුයි. ඔවුන් ඉතාම හොඳින් ක්‍රීඩා කළා. නමුත් පසුගිය අවුරුදුවල ඔවුන් ක්‍රීඩා කළ දුර්වල ක්‍රීඩා විලාශය නිසා අවාසනාවන්ත ලෙස ඔවුන්ට ලෝක කුසලානයේ මූලික වටයට ක්‍රීඩා කරන්න සිදු වෙලා තියෙනවා, එහෙම වුනත් ඔවුන් මෙවර ලෝක කුසලානයේ දී ඉතාම හොඳින් ක්‍රීඩා කාරාවි කියලා මම විශ්වාස කරනවා”

මුරලි එසේ පා දඟපන්දු යවනන් පිළිබඳ විශ්වාස කරද්දී හිටපු නවසීලන්ත දඟපන්දු යවන්නකු වන ඩැනියෙල් විටෝරි හට තිබුණේ ඊට ප්‍රතිවිරුද්ධ අදහසක්. ඔහුගේ අදහස වූයේ පිටදඟපන්දු යවන්නන්හට මෙම තරගාවලියේ දී විශාල දෙයක් සිදුකිරීමට හැකියාව ඇති බවයි.ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන නේතන් ලයන් පිට දඟපන්දු යවන්නෙකු වීම හා ඔහු මෙම තණතීරු පාරාදීසයක් කරගත් අවස්ථා බොහෝමයක් තිබීම හේතුවෙන් ඔහුගේ විශ්වාසය පිට දඟ පන්දු යවන්නන් දෙසට නතු වූවා. ඒ හේතුවෙන් විටෝරි ඉන්දීය පිට දඟ පන්දුයවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් විශිෂ්ට දස්කම් පෙන්වීමට වැඩි අවස්ථාවක් පවතින බවට අනාවැකි පලකලේය.

“අපි දන්නවා අශ්වින් ටෙස්ට් තරගවල දී ඉතාම හොඳින් පන්දු යවන අයෙක් බව, ඒ වගේම ඔහු පසුගිය IPL තරගාවලියෙත් දස්කම් අතර රැඳුණු ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු තරගයේ පවතින තත්වය අනූව අවස්ථානුකූලව හැඩ ගැසිය හැකි ක්‍රීඩකයෙක්, ඔහුට අවස්ථාවක් ලැබුනොත් ඔහු අනිවාර්‍යෙන්ම දන්නවා කළ යුත්තේ කුමක්ද යන වග. ඒ වගේම ඔහුට ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරලා අත්දැකීම් පවා තිබෙන ක්‍රීඩකයෙක් සහ කණ්ඩායමේ සමබරතාවය ආරක්ෂා කළ හැකි තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වන්නෙක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7