Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරවය නවසීලන්තයට.!

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර, දෙවන සහ අවසන් ටෙස්ට් තරගය පළමු දිනට අයහපත් ආලෝක තත්ත්වය සහ දැඩි සුළඟ හේතුවෙන් නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප්‍රමාද වූ අතර, අද දිනයේ දී තරගයේ ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ පන්දුවාර 48ක් පමණයි.

වෙලින්ටන් හිදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළා.

අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු රකින ක්‍රීඩක නිශාන් මදුසංක ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගැනීමට ද සමත් වුණා.

දිමුත්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනට තරගය නතර කරන විට කඩුලු 02ක් දැවී ලකුණු 155ක් රැස් කරගෙන සිටියා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින කේන් විලියම්සන් ලකුණු 26ක් සහ හෙන්රි නිකොල්ස් ලකුණු 18ක් රැස්කරගෙන සිටිනවා.

නවසීලන්ත පළමු ඉනිමේ දී ආරම්භ පිතිකරු ඩෙවොන් කොන්වේ අද දිනයේ ලකුණු 78ක් රැස්කළ අතර ටොම් ලේතම්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 21ක් පමණයි.

පන්දු යැවීමේ දී කසුන් රාජිත සහ ධනංජය ද සිල්වා නවසීලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු දෙකට හිමිකම් කීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
8
+1
2
+1
3
+1
2
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button