Cricket NewsEXCLUSIVEIPL

Rajasthan Royals කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ධූරයට ලසිත් මාලිංගව පත් කෙරේ.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය නව මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ මින් පෙර කණ්ඩායම් 8ක් පමණක් ක්‍රිඩා කරන ලද IPL තරඟාවලියට මෙවර නව කණ්ඩායම් 2ක් ද එක් වී මුළු කණ්ඩායමේ සංඛ්‍යාව 10ක් වීම හේතුවෙනි.

මෙවර තරඟාංවලිය එළඹෙන මාර්තු 26 වන දා ආරම්භ වීමට නියමිතයි.

මේ අතර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කුමාර් සංගක්කාර විසින් අධ්‍යක්ෂක ධුරය හොබවනු ලබන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධුරයට ‍ශ්‍රි ලංකාවෙන් බිහි වූ විශිෂ්ට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත්කර තිබෙනවා.

ලසිත් මාලිංග සැලකෙන්නේ විස්සයි-20 ක්‍රිකට් පිටියේ බිහිවූ විශිෂ්ඨතම පන්දු යවන්නා ලෙසට වන අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියාගෙ වාර්තාවට ද තවමත් හිමිකම් කියනු ලබන්නේ ලසිත් මාලිංගයි.

ලසිත් මාලිංග රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධුරයට එක්වීම සම්බන්ධයෙන් රාජස්ථාන් රෝයල්ස් සමාජ මාධ්‍ය ගිණුම විශේෂ සටහනක් එක් කර තිබුණා.

එම සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7