Cricket GossipCricket NewsEXCLUSIVE

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විනෝද් කම්බිලිට එරෙහිව ඔහුගේම බිරිඳ අධිකරණයේ නඩුවක් ගොනු කරයි.!

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විනෝද් කම්බිලිට එරෙහිව ඉන්දීය අධිකරණයේ නඩුවක් ගොනු වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබෙනවා. මෙම නඩුව ගොනු කර ඇත්තේ විනෝද්ගේ බිරිඳ විසින් බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

විනෝද් විසින් තමන්ට දරුණු අයුරින් සහ අමානුෂික අන්දමින් පහර දුන් බවට ඇය චෝදනා එල්ල කර ඇති අතර විනෝද්ගේ බිරිඳ වන ඇන්ඩ්‍රියා හෙවිටි විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ සිය ස්වාමියා විසින් තමන්ට මානසික හා ශාරීරික අන්දමින් පීඩාවන් සිදු කර බවට ද වැඩිදුරටත් චෝදනා කරමින්.

බන්ද්‍රා නගරයේ පිහිටි ඔවුන්ගේ මහල් නිවාස සංකීර්ණයේ දී කම්බිලි විසින් මත්පැන් පානය කර අවසානයේ දී ඇන්ඩ්‍රියාට පහර දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළ ද, තවමත් මෙම සිදුවීමට කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7