Cricket NewsEXCLUSIVE

“නිශාන් මදුෂ්ක ලකුණු රැස් කරන ආකාරය අනුව අපට ඇස් පියාගෙන ඉන්න බැහැ, අනිවාර්යයෙන්ම අපි ඔහුව ජාතික කණ්ඩායමට ගේනවා” – ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

ශතක පිට ශතක රැස් කරමින් පළමු පෙළ ක්‍රිකට් පිටියේ පෙරැළි කරන නිශාන් මදුශ්කගේ සුපිරි පිතිකරණය හේතුවෙන් මෙරට ක්‍රිකට් රසිකයන්ගේ පවා දැඩි අවදානයකට ඔහුව ලක්ව තිබෙනවා.

මේ අතර ඔහු පසුගිය දා එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පිතිකරණයක නියැලෙමින් ලකුණු 241ක් රැස් කිරීමත් සමග ශ්‍රි ලංකාව වෙනුවෙන් පලමුපෙල පිටියේ ද්විත්ව ශතක ත්‍රිත්වයක් ලබාගත් ලාබාලතම පිතිකරුවා බවට පත් වීමට ද නිශාන් මදුශ්ක සමත් වුනා.

මේ අතර ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිශාන් මදුශ්ක පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ ඔහු ඉතා හොඳ තත්ත්වයේ සිටින නිසා අනිවාර්යයෙන්ම ඔහුව ජාතික කණ්ඩායමට ගෙන එන බවයි.

“ඔහු ලකුණු රැස් කරන ආකාරය අනුව අපට ඇස් පියාගෙන ඉන්න බැහැ. ඔහු පසුගිය වසරේ සිට පිත්තෙන් අඛණ්ඩව දස්කම් දක්වනවා, නවසීලන්ත තරඟාවලිය සඳහා අවසන් කණ්ඩායම පිළිබඳව තීරණයක් ගැනීමට අප එක් වන අවස්ථාවන් වල තේරීම් කමිටුව ලෙස අපි ඔහු දෙස ඉතා සමීපව බලනවා. මේ වන විට අපට ටෙස්ට් වලදී අඩු වැඩි වශයෙන් ස්ථාවර පිතිකරණ ඒකකයක් ඉන්නවා තමයි, නමුත් අපට මෙම ළමයාගේ දස්කම් නොසලකා හරින්න බෑ.

“ඔහු කඩුළු රකින පිතිකරුවෙකු නිසා අපි ඔහුව කණ්ඩායමට වඩාත් හොඳින් ගැලපිය හැක්කේ කොතනද යන්න පිළිබඳව සාකච්ඡා කරනවා. කඩුළු රකින්නෙකුට පිතිකරණය ආරම්හ කර දින පහක තරගයකදී අත්වැසුම් පැළඳ සිටීම පහසු නැහැ. නමුත් ඔහු ඉතා හොඳ තත්ත්වයේ සිටින නිසා අනිවාර්යයෙන්ම අපි ඔහුව ජාතික කණ්ඩායමට ගේනවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7