Cricket NewsEXCLUSIVEUnder-19

එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට සුභ පැතීමට ගිය, කවදත් ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වන හිටපු පුහුණුකරු මිකී ආතර්.!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දැඩි අර්බුදකාරී තත්ත්වයක තිබූ අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගත් මිකී අතර් මහතා සාර්ථක අයුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ගොඩනැගීම ඇරඹුවා.

ඔහුගේ උත්සාහය කෙතරම් සාර්ථක ද යන්න හොඳම උදාහරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රධාන පුහුණු කරුවෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් විසින් ලබාදුන් ඉතා උණුසුම් සමුගැනීමයි.

එමෙන්ම මිකී ආතර් මහතා සැලකෙන්නේ කවදත් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි සැලකිල්ලක් දක්වන පුද්ගලයකු ලෙසටයි. කිසියම් හෝ වරදක් සිදුවන ඕනෑම අවස්ථාවක ඔහුගේ Twitter ගිණුමේ මේ ඒ පිළිබඳව සටහන් වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව ඔහු නිරන්තර විමසිල්ලෙන් පසුවනවා.

මේ අතර මේ වන විට එංගලන්ත 19යෙන් පහල කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19යෙන් පහළ කණ්ඩායම අතර එංගලන්තයේ පැවැත්වෙන තරගය ද නැරඹිම සඳහා ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු මිකී ආතර් මහතා එම ක්‍රීඩාංගණයට පැමිණ තිබෙනවා.

මේ එම අවස්ථාවේ ජායාරූපයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button