Cricket NewsEXCLUSIVEIPL

Liam Livingstoneගේ පිත්තෙන් එල්ල වී ක්‍රීඩාගාරයෙන් ඉවතට විසි වූ, මීටර් 117ක් දිග මෙවර IPL තරඟාවලියේ දැවැන්තම හයේ පහර..

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 48වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Gujarat Titans කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට Punjab Kings කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Gujarat Titans කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසනයේ රැස් කිරීමට සමත් වුයේ ලකුණු 143ක් පමණයි.

ඒ අනුව ලකුණු 144ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන් පන්දුවාර 16ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 145ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

එමෙන්ම මෙම තරඟයේදී Punjab Kingsකණ්ඩායමේ අංක 4පිතිකරුව ලෙස පිටියට පිවිසි Liam Livingstone පන්දු 10ක් තුල අධිවේගී ලකුණු 30ක් රැස් කරමින් Punjab Kings කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙනගියා.

එහිදී Mohammed Shami විසින් යොමු කළ පන්දුවකට Liam Livingstone ක්‍රීඩාගරයෙන් ඉවතට විසි වන ලෙස අති දැවැන්ත හයේ පහරක් එල්ල කල අතර එහි දුර සටහන් වුයේ මීටර් 117ක් ලෙසයි. ඒ අනුව Liam Livingstone එල්ල කල එම දැවැන්ත හයේ පහර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ මේ දක්වා ක්‍රීඩකයකු එල්ල කල දැවැන්තම හයේ පහර වනවා.

Liam Livingstone එල්ල කල එම දැවැන්ත හයේ පහර පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7