Cricket GossipCricket NewsEXCLUSIVE

අසරණ පවුලකට පිහිට වෙමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන සිය උපන් දිනය සමරයි.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ඊයේ සිය 34 වැනි උපන්දිනය සැමරීය.ඉසුරු උදාන සිය උපන්දිනය වෙනුවෙන් හරි අපූරු කටයුත්තකට මුලපුරා තිබුණි.

ඒ සඳහා ඉසුරු උදානගේ බිරිඳ වන ප්‍රවීනා පෙරේරා මූලිකත්වය ගෙන තිබුණි.

ඉසුරු උදානගේ උපන්දිනයදා ම උපන්දිනය යෙදී තිබෙන දරුවෙකු ඔවුන් සොයා ගොස් තිබුණි ඒ බලපිටිය ප්‍රදේශයේ අහිංසක පව්ලක් වෙතටය.

එහිදි එම දරුවාගෙ ආශාවන් මොනවද කියල සහ නිවසේ අඩුපාඩු සොයා බලා ඔවුන්ව දැනුවත් නොකර අපුරු උපන්දින සැමරුමක් ඔවුන් සූදානම් කර තිබුණි.

එම පවුලේ එක් පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකු විය.එහිදී එදිනම උපන්දිනය යෙදී තිබුණේ එම පිරිමි දරුවාගේය.එම නිසා එහිදී ඔවුන් දෙදෙනාට මවුන්ටන් බයිසිකලයක්,අවශ්‍ය කරන පාසල් උපකරණ,දරුවාට උපන්දින කෙක් එකක්,නිවසට අවශ්‍ය කරන වියලි ආහාර ද්‍රව්‍ය මෙහිදි ඔවුන් ලබා දිමට කටයුතු කර තිබුණි.

ඉසුරුගේ උපන්දිනය වෙනුවෙන් ඉසුරුගේ බිරිඳ ඇතුළු පවුලේ සමීපතමයින් කිහිපදෙනෙකුම එක්වී තිබුණි.

ජායාරුප කිහිපයක් පහතින්,

01

01

 

02

03

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button