Cricket NewsEXCLUSIVE

මුරලිගේ කඩුලු 800 වාර්ථාව සුරකිමින් ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සැරසෙයි !

එංගලන්තය බිහි කල විශිෂ්ඨතම වේගපන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් තමන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කල බව අද නිවේදනය කර සිටියා.

එලඹෙන එංගලන්ත ක්‍රිකට් ගිම්හානයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය තම අවසන් ටෙස්ට් තරඟය වනු ඇති බවට ඇන්ඩර්සන් තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සටහන් තබා තිබුණා.

ඒ අනුව වසර 20 කට අධික කාලයක් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ගෙවා දැමූ ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා මේ වසරේ අගෝස්තුවේදී ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ තම අවසන් රංගනය රඟ දක්වන්නට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button