Cricket NewsEXCLUSIVEUnder-19

යොවුන් ආසියානු කුසලාන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව පරාජය කළ ඉන්දීය කණ්ඩායම ශුරතාවය ජයග්‍රහණය කරයි.!

මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුනු යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය 19 පහල ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

අද පැවැති අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 9ක ජයක් වාර්තා කරමින් 8 වැනි වරටත් ඉන්දීය යොවුන්ක ණ්ඩායම එලෙස යොවුන් ආසියානු ශූරතාවයක් දිනා ගනු ලැබුවා.

අද තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළ අතර ශ්‍රී ලංකාව පන්දුවාර 33ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 74ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

පසුව එක් ඉනිමක් පන්දුවාර 38කට සීමා කිරීමට විනිසුරුවන් තීරණය කළ අතර ඒ අනුව නියමිත පන්දුවාර 38 අවසානයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 106ක් ලබා ගැනීමට සමත් වුනා.

ඉනිම ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වු අතර
පකිස්ථානය සමග පැවති අවසන් පූර්ව තරගයේ දී මෙන්ම මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා මුල්පෙල හා මැදපෙල පිතිකරුවන් අසාර්ථක වුනා.

නම් දැරූ පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ සදිෂ රාජපක්ෂට පමණයි. ඔහු ලකුණු 14ක් රැස් කළ අතර යසිරු රොද්‍රිගෝ නොදැවී ලකුණු 19ක් ලබා ගත් අතර, රවීන් ද සිල්වා ලකුණු 15කටත්, මතීෂ පතිරණ ලකුණු 14කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී විකී ඔස්ට්වල් කඩුලු 3ක් හා කෞෂාල් ටම්බෙ කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුනා.

අනතුරුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තරගය ජය ගැනීමට ඉන්දියාවට ලකුණු 99ක ඉලක්කයක් ලබා දුන් නමුත්, ඉන්දීය ඉනිම අතරවාරයේ දී එය ලකුණු 102ක් ලෙස සංශෝදනය කෙරීමට කටයුතු කෙරුණු අතර ඒ අනුව ලකුණු 102ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 21.3ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයගත් ඉන්දීය යොවුන් කණ්ඩායම ශුරතාවය ජයග්‍රහණය කළා.

Angkrish Raghuvanshi ලකුණු 56ක් හා Shaik Rasheed ලකුණු 31ක් නොදැවී රැස් කළ අතර පන්දු යැවීමේ දී යසිරු රොද්‍රිගෝ එක් කඩුල්ලක් දවා ගත්තා.

මෙම වසර පුර අති සාර්ථකත්වයක් ලඟා කරගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම, යොවුන් ආසියානු කුසලාන තරගාවලියක අනුශූරතාවය දිනා ගත් 5 වැනි අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button