Cricket NewsEXCLUSIVET10 League

කොදෙව් ක්‍රීඩක Dominic Drakes, ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගව අභිබවා යයි – වැඩි විස්තර මෙන්න.!

මේ වන විට ලෝකයේ පැවැත්වෙන වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 තරඟාවලිය අති උත්කර්ෂවත් අයුරින් අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුන අතර අද රාත්‍රියේ මෙවර තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතයි.

ඒ Delhi Bulls කණ්ඩායම සහ ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග නියෝජනය කරන Deccan Gladiators යන කණ්ඩායම් දෙක අතරයි.

මේ අතර මෙවර අබුඩාබි T10 තරගාවලියේ වැඩිම කඩුළු ලාහියා වීමේ සටන උච්චතම අවස්ථාවකටයි එළඹ තිබෙනවා.

ඒ Delhi Bulls කණ්ඩායම නියෝජනය කරන කොදෙව් ක්‍රීඩක ඩොමිනික් ඩ්‍රේක්ස් හා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග මේ වනවිට ලබා ගත් කඩුලු සංඛ්‍යාව සම වී තිබීම හේතුවෙනි.

දෙදෙනාම කඩුළු 19 බැගින් ලබා තිබුනත් ඩොමිනික් ඩ්‍රේක්ස් වනිඳු ට වඩා ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දී ඇත්තේ අඩු ලකුණු සංඛ්‍යාවක් වන අතර ඩොමිනික් ඩ්‍රේක්ස් තරග 11 කදී ඉනිම 10 ක් තුළ කඩුළු 19 ක් ලබා ගෙන ඇත්තේ ලකුණු 162 ක් පමණක් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට ලබා දෙමිනි.

Deccan Gladiators නියෝජනය කරන ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග කඩුලු 19 ලබා ඇත්තේ තරග 11 කදී ඉනිම 11 කදී ලකුණු 175 ක් ලබා දෙමිනි.

ඒ අනුව වැඩිම කඩුළු ලාභින්ගේ ලැයිස්තුවේ පෙරමුණට ගැනීමට ඩොමිනික් ඩ්‍රේක්ස් ට හැකිව තිබෙන අතර අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත වනිඳු හසරංග නියෝජනය කරන Deccan Gladiators හා ඩොමිනික් ඩ්‍රේක්ස් නියෝජනය කරන Delhi Bulls අතර අබුඩාබි T10 තරගාවලියේ අවසන් මහා තරගයේ වැඩිම කඩුලු ලබා ගන්න ක්‍රීඩකයා මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු ලාබියා බවට පත් වනු ඇත.

ශ්‍රී ලංකා වේලාවෙන් අවසන් මහා තරඟය අද රාත්‍රී 8.00 ට අබුඩාබි හිදී ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව අද රාත්‍රී 10 පමණ වන විට මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු ලාබියා කවුරුන්දැයි ප්‍රේක්ෂක ඔබට දැක බලාගත හැකි වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button