Cricket NewsEXCLUSIVELPLMatch Review

ජනිත් ලියනගේගේ සුපිරි පිතිහරඹය අපතේ යවමින් Galle Gladiators ලකුණු 9ක තියුණු ජයක් හිමිකර ගනී.!

තරඟාවලියේ 16වන තරගය ලෙස Galle Gladiators කණ්ඩායම සහ Dambulla Giants කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 9ක තියුණු ජයග්‍රහණයක් ඊයේ රාත්‍රියේ වාර්තා කිරීමට Galle Gladiators කණ්ඩායම සමත් වුණා.

කෙසේ නමුත් ඊයේ රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතව තිබූ තරඟය ඇදහැළුණු වර්ෂා තත්ත්වය හේතුවෙන් ප්‍රමාද වූ අතර එම නිසා තරගය පන්දුවාර 14කට සීමා වුණා

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Dambulla Giants නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Galle Gladiators කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Galle Gladiators පිතිකරුවන් නියමිත පන්දුවාර 14 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් රැස් කිරීමට සමත් වුණා.

වේගවත් ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 13 ලකුණු 35 ක් රැස් කළ අතර නායක භානුක රාජපක්ෂ ලකුණු 33 ක් රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Imran Thahir කඩුලු 3ක් බිඳ හෙලූ අතර Josh Little කඩුලු දෙකක් බිද හෙලුවා.

ඒ අනුව ලකුණු 135ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Dambulla Giants කණ්ඩායමට නියමිත පන්දුවාර 14 අවසානයේ කඩුලු 5ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 125ක් පමණයි.

සිය මංගල LPL තරඟයේ දී ම සුපිරි ඉනිමක් දියත් කළ ජනිත් ලියනගේ පන්දු 37කින් වේගවත් ලකුණු 51 ක් රැස්කිරීමට සමත්වූ අතර Phil Salt ලකුණු 41ක් වාර්තා කළා.

පන්දු යැවීමේදී Samit Patel සහ ඉසුරු උදාන කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 9ක තියුණු ජයග්‍රහණයක් Galle Gladiators කණ්ඩායමට හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7