EXCLUSIVELPLPremier League

විස්සයි විස්ස පිටියේදී සීක්කුගේ ප්‍රසන්න ක්‍රිස් ගේල් හා කිරන් පොලාඩ් ද අභිබවා යාමට සමත් වෙයි

May be an image of 1 person and text that says '#LPL2021 #WINTOGETHER G GROUP'

ලද අවස්ථාවෙන් ජාතික කණ්ඩායම තුල තරඟ දිනවන්නෙකු වූ සීක්කුගේ ප්‍රසන්න නිසි ලෙස කලමණාකරණය කරගන්නට අසමත් වූ ප්‍රහාරක පිතිකරුවෙකි. ඒ බව නිරන්තරයෙන් පෙන්නුම් කරන්නග සමත් වූ සීක්කුගේ ප්‍රසන්න විස්සයි විස්ස පිටියේ විශිෂ්තමයා වන ක්‍රිස් ගේල්ද අභිබවා ගියේය .

විස්සයි විස්ස පිටිය තුල අවම වශයෙන් 6 පහර 100 ක් එල්ල කරන ලද පිතිකරුවන් අතරින් එක් හයේ පහරක් සඳහා අවම පන්දු ගණනක් වැය කරන ක්‍රීඩකයන් ලැයිස්තුවේ දෙවැනි තැන සීක්කුගේ ප්‍රසන්න හට හිමිව තිබේ .

එම ලැයිස්තුවේ පළමු තැන කොදෙව් ක්‍රීඩක අන්ඩ්‍රේ රසල් හට හිමිව ඇති අතර ඔහු එහිදී වැය කරන පන්දු ගණන 7.4 කි . එහි දෙවැනි තැන සීක්කුගේ ප්‍රසන්න හට හිමිව ඇති අතර ඔහු එක් හයේ පහරක් එල්ල කිරීම සඳහා වැය කරන පන්දු ගනන සටහන් වූයේ 8.2 ක් ලෙසිනි. එම ලැයිස්තුවේ තෙවැනි තැන ක්‍රිස් ගේල් හටද සිව්වැනි තැන කිරන් පොලාඩ් හටද හිමිවීම කැපී පෙනේ . එමෙන්ම එම ලැයිස්තුවේ පළමු පස් දෙනා අතර රැඳී සිටිය එකම ආසියාතික ක්‍රීඩකයාද වන්නේ සීක්කුගේ ප්‍රසන්නය .

ඊයේ (14) කැන්ඩි වොරියස් සමඟ පැවැති තරඟයේදී සීක්කුගේ ප්‍රසන්න නව වාර්ථාවක් ද පිහිටුවන්නට සමත් විය . ඒ විස්සයි විස්ස පිටිය තුල පන්දු 10 ට අඩුවෙන් මුහුණ දුන් පිතිකරුවෙකු එල්ල කල වැඩිම 6 පහර සංඛ්‍යාවට උරුම කම් කියමින් එහිදී සීක්කුගේ ප්‍රසන්න විසින් පන්දු 6 ක් තුලදී හයේ පහර 5 ක් එල්ල කරන්නට සමත් වූ අතර එවන් දස්කමක් දැක්වූ ලොව ප්‍රථම පිතිකරුවා වන්නට ඔහුට අවකාශය ලැබුණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7