ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්ට දේපළ වංචා නඩුවක්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් නිශ්චල දේපළ වංචා කළ බවට චෝදනා එල්ලවූ නඩුව සම්බන්ධව නව පරීක්ෂණයක් පැවැත්වීමට දිල්ලි අධිකරණය නියෝග කර තිබේ. මහල් නිවාස ගැනුම්කරුවන් පිරිසකට වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාම්භීර්ට චෝදනා එල්ලවී තිබේ. රුද්‍රා බිල්ඩ්වේ රියැලටි පෞද්ගලික සමාගම සහ ඉන්ෆ්‍රාසිටි යන සමාගම්වල හවුල් ව්‍යාපාර අධ්‍යක්ෂ සහ සන්නාම තානාපති ලෙස කටයුතු ගාම්භීර් කටයුතු කළේය.
වෙළඳ දැන්වීම් සහ අත් පත්‍රිකා මගින් නව නිවාස යෝජනා ක්‍රමවල තට්ටු නිවාස වෙන්කරවා දෙන බවට පවසා ඉන්දීය රුපියල් ලක්ෂ 6 සිට ලක්ෂ 16 දක්වා මුදල් ලබාගෙන වංචා කළ බවට පැමිණිල්ල විසින් චෝදනා කළේය. මුදල් ගෙවීමෙන් පසුවද අදාළ ඉඩමෙහි කිසිදු යටිතල පහසුකම් හෝ වෙනත් සැලකිය යුතු සංවර්ධනයක් සිදු නොකළ අතර එම ඉඩම 2016 වන තෙක් නොදියුණුව පැවති බව පැමිණිල්ලේ සටහන් කර ඇත. 2003 වසරේ අලහබාද් මහාධිකරණය මෙම ඉඩම අත්පත් කර ගැනීම අත්හිටුවා තිබුණි.