Cricket NewsDomestic CricketEXCLUSIVE

“ඕපන් සෙල්ලම් කලත්, මැද සෙල්ලම් කලත්, අන්තිමට මට ඕනේ මගෙ ටීම් එක සහ මගෙ රට දිනවන්න.. ඒකට පුළුවන් හැමදෙම මම කරනවා.” – කුසල් මෙන්ඩ්ස්

එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ‍ආරාධිත විස්සයි-20 තරගාවලියේ ඊයෙ පැවති අවසන් මහා තරඟය ජයග්‍රහණය කළ කුසල් මෙන්ඩිස් නායකත්වය දැරූ Reds කණ්ඩායම තරඟාවලියේ ශුරයන් ලෙස අභිසෙස් ලැබුවා.

පළමුව පන්දුවට පහර දුන් Blues කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 136ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 137ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Reds පිතිකරුවන් පන්දුවාර 16.5ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 137ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

මේ අතර අවසන් තරඟයේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර වූ Reds නායක කුසල්⁣ මෙන්ඩිස් මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ ” ඔපන් සෙල්ලම් කලත් මැද සෙල්ලම් කලත් අන්තිමට මට ඔන මගෙ ට්ම් එක මගෙ රට දිනවන්න ඒකට පුළුවන් හැමදෙම මම කරනවා.” යනුවෙනි.

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button