Cricket NewsEXCLUSIVE

“අපිට ඉන්දියාවේදී ආරක්ෂාව පිළිබඳ ගැටලු තියෙනවා.පකිස්ථානයට මීර්පූර්,ඩකා,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝ ශ්‍රී ලංකාවේදී තරග ලබාදෙන්න” -නජාම් සේති

2023 ආසියානු කුසලාන තරඟාවලිය කුමන ආසියාතික රටක සත්කාරකත්වයක් යටතේ පවත්වනවාද යන්න පිලිබඳව තවමත් නිශ්චිත වී නොමත.ඉන්දු පකිස්ථානු ගැටුම තුල ඉන්දියාව පකිස්ථනයට පැමිණීම ප්‍රතික්ශේප කරන්නේ ආරක්ෂාව පිලිබඳව ගටලුවක් ඉස්මතු කරමිනි.වතමන් පකිස්ථානු ක්‍රිකට් සභාපති නජම් සේති පකිස්ථානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටින්නේ දෙපිලම තරගාවලි වර්ජනය කලහොත් එය විශාල අව්ලක් වනු ඇති බවයි.

“අපි අවසානයේ ආසියානු කුසලානය සහ ලෝක කුසලානය වර්ජනය කර ඉන්දියාව ශූරයන්ගේ කුසලානය (2025 පාකිස්තානයේ දී) වර්ජනය කරන තත්වයක් දෙස බලා සිටිය යුතු නෑ.ඒක ලොකු අවුලක් වේවි”

පාකිස්තානයට ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානයෙන් ඉවත් වීමට ඉතා ශක්තිමත් හැකියාවක් පවතින බව සේති පැවසීය.

“අපිට ඉන්දියාවේදී ආරක්ෂාව පිළිබඳ ගැටලු තියෙනවා.පකිස්ථානයට මීර්පූර්,ඩකා,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝ ශ්‍රී ලංකාවේදී තරග ලබාදෙන්න”

සෙති තවදුරටත් කියා සිටියේය.

“ඉන්දියාව පාකිස්ථානයේදී, පකිස්ථානය ඉන්දියාවේදී ද්විපාර්ශ්විකව ක්‍රීඩා කිරීමට එකඟ වන තෙක් ඉදිරියට යන විසඳුම මෙයයි.’

2009 ලාහෝර්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු දශකයකට වැඩි කාලයක් පාකිස්තානය ජාත්‍යන්තර තරග සඳහා සත්කාරකත්වය නොදැක්වූ නමුත් පසුගිය මාස 18 තුළ එංගලන්තය,ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය පකිස්ථානයේ සංචරයන් වල නියලුණේය.

“පසුගිය වසර කිහිපය තුළ සෑම ප්‍රධාන රටක්ම පාකිස්තානයේ සංචාරය කරා. ඔවුන් සියල්ලෝම එහි සිටියා. ඔවුන් සියලු දෙනාම ආරක්ෂක විධිවිධාන අගය කළා. ඒක තවදුරටත් ප්‍රශ්නයක් නෙවෙයි,” සෙති කියා සිටියේය.

“ඉන්දියා-පකිස්තාන තරග විශාලතම තරගයි.ඒවා ඕස්ට්‍රේලියාවට එරෙහිව එංගලන්තයට වඩා විශාලයි, එය ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවට වඩා විශාලයි.එක් මුරණ්ඩුකමකින් අපි එය අනතුරට පත් කරන්නේ කෙසේද?

“ ඉන්දීය කබඩි කණ්ඩායම පකිස්ථානයට, ඉන්දීය බේස්බෝල් කණ්ඩායම පකිස්ථානයට ගොස් තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයට එන්න බැරි ඇයි?”

යනුවෙන් පකිස්ථානු මාධ්‍ය වෙත අදහස් දක්වන පකිස්ථානු ක්‍රිකට් සභාපති වරයා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button