Cricket NewsEXCLUSIVEInternational

මත්පැන් නිසා සිහසුන්ව ඇද වැටුන මැක්ස්වෙල් රෝහල් ගතකෙරේ.

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මත්පැන් සම්බන්ධ සිද්ධියකට අදාළව රෝහල් ගත කර තිබේ.

ඒ අනුව 35 හැවිරිදි මැක්ස්වෙල්, ඇඩිලෙඩ් හි රෝහලක් වෙත පසුගිය සිකුරාදා(19) රාත්‍රියේ දී මෙලෙස ඇතුලත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විමර්ශණ ආරම්භ කර ඇති අතර ඔහු රෝහල්ගත කිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව සදහන් නොමැත.

පසුගිය 19 වැනිදා ඔහු සිහිසුන්ව ඇදවැටිමෙන් අනතුරුව ගිලන් රථයකින් රෝහල් ගත කර ඇති බව සදහන් වේ.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින සංචිතයට මැක්ස්වෙල් නම් කර නොතිබුණි.

සිද්ධිය සිදුවූ දින මැක්ස්වෙල් ප්‍රසංගයකට සහභගිව ඇතැයි සදහන් වන අතර එහිදි මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අතරතුර මැක්ස්වෙල් මත්පැන් පානය කර සිට ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button