Cricket NewsEXCLUSIVEWPL

ප්‍රථම කාන්තා WPL තරඟයෙන් ලකුණු 143ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වෙයි !

ලොව ධනවත්ම විස්සයි විස්ස ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ කාන්තා සංස්කරණය ඊයේ ආරම්භ විය.තරඟාවලිය සඳහා ලොව වටා විසිරුණු ප්‍රමුඛ පෙලේ වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩිකාවන් කණ්ඩායම් පහක් යටතේ තරඟ වදී.තරඟාවලිය ආරම්භ කරමින් ඊයේ මුම්බායි ඉන්දියන්ස් හා ගුජරාට් ජයන්ට්ස් අතර තරඟය පැවැත් වූ අතර ඒ සඳහා සත්කාරකත්වය ඉසිළූයේ මුම්බායි නුවර නාවි හි ඩී වයි පටෙල් ක්‍රීඩාංගණයයි.

කාසියේ වාසිය දිනාගත් ගුජරාට් නායිකා බෙත් මූණිගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි මුම්බායි පිල නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු පහක් පමණක් දැවී ලකුණු 207 ක් රැස් කල අතර මුම්බායි ඉනිම වෙනුවෙන් වේගවත් ලකුණු 65 ක් පන්දු 30 කදී එක් කරන්නට නායිකා හර්මන් ප්‍රීට් කෞර් හට හැකි විය.කෞර්ගේ ඉනිම හතරේ පහර 14 කින් වර්ණවත් වීමද විශේෂත්වයක්.

හේලි මැතිව්ස් හා ඇමේලියා කර් සාර්ථක ඉනිම් ද්විත්වයක් දියත් කරමින් පිළිවෙලින් ලකුණු 47 ක් හා ඇමේලියා කර් ලකුණු 45 ක් රැස් කලේය.පන්දු යැවීමේදී ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ඇශ්ලි ගාඩ්නර් හා ස්නේහ් රනා අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ පිතිකරුවන් හට කඩුල්ලේ රැඳී සිටීමට එතරම් වේලාවක් ලබා නොදුන් සායිකා ඉශාක් ප්‍රමුඛ මුම්බායි පන්දුයවන්නන් හමුවේ පන්දුවාර 15 කුත් එක් පන්දුවාරයක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 64 ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සයිකා ඉශාක් ලකුණු 11 කට කඩුලු 4 ක් බිඳ හෙළූ අතර නැට්ලි සිවර් හා ඇමේලියා කර් අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

පලමු තරඟය ලකුණු 143 කින් ජගයත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ නායිකා හර්මන් ප්‍රීට් කෞර් තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7