Cricket NewsEXCLUSIVEInternational

ඩේවිඩ් මිලර්ගේ නොදැවුණු ශතකය නිෂ්ඵල කරමින් ඉන්දියාව, දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 16ක ජයක් වාර්තා කරමින් තවත් තරගයක් ඉතිරිව තිබියදි තරගාවලිය ජයග්‍රහණය කරයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව දෙවන T20I තරඟය ලකුණු 16 කින් ජයග්‍රහණය කරමින් තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ 2-0 ලෙස ජය ගැනීමට ඉන්දියාව ඊයෙ සමත් උනා.

දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා ඉන්දියාවට එරෙහිව කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.ඉන්දීය ඉනිමට සූර්යකුමාර් යාදව් පන්දු 22කදී ලකුණු 61ක් රැස් කළ අතර, කේ.එල්. රාහුල් පන්දු 28කදී ලකුණු 57ක් රැස්කළ අතර, ඉන්දියාව ඕවර 20 තුළදී ලකුණු 237/3ක දැවැන්ත ලකුණු පුවරුවක් රැස් කළේය.

මේ අතර විරාත් කෝලි පන්දු 28කදී නොදැවී ලකුණු 49ක් රැස්කළ අතර එහිදී කණ්ඩායම් දෙකම සාමූහිකව ලකුණු 450කට වඩා රැස්කර ගන්නා ලදී.

ලකුණු 238 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාව ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලබා ගත්තෙ ලකුණු 221 ක් පමණි. මේ අතර, ක්වින්ටන් ඩි කොක් නොදැවී ලකුණු 69ක් ලබාගත්තේය. ඩේවිඩ් මිලර් පන්දු 47 කදී නොදැවී ලකුණු 106 ක් රැස්කරගෙන සිටියද එය ජයග්‍රහනය සදහා ප්‍රමානවත් නොවීය.

Result
India vs South Africa, 2nd T20I
South Africa tour of India

INDIA 237/3
SA 221/3
India won by 16 runs

Click here to view more @espncricinfo :
https://www.espncricinfo.com/series/south-africa-in-india-2022-23-1327499/india-vs-south-africa-2nd-t20i-1327507/live-cricket-score

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7