Cricket NewsEXCLUSIVEInternational

ක්‍රිකට් පන්දුවකින් රැක ගන්නා ලද ඉහළම උඩ පන්දුවේ ගිනස් ලෝක වාර්තාව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුගෙන්.!

ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Thimothy shanon Jabaseelan මහතා විසින් ක්‍රිකට් පන්දුවකින් රැක ගන්නා ලද ඉහලම උඩපන්දුව සඳහා ගිනස් ලෝක වාර්තාව පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ගිනස් ලෝක වාර්තා වෙබ් අඩවියට අනුව, 2021 නොවැම්බර් 19 වන දින ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි සිඩ්නි නුවර සිට තිමෝති ෂැනන් ජබසීලන් විසින් මෙම නව වාර්තාව පිහිටුවා ඇති අතර ජබසීලන්ගේ විසින් රැක ගන්නා ලද මෙම උඩ පන්දුව මීටර් 119.86 (අඩි 393 අඟල් 2.897) ඉහල සිට පැමිණ තිබෙනවා.

ගිනස් ලෝක වාර්තා හිමිකරුවෙකු වීම ජබසීලන්ගේ සිහිනයක් වූ බැවින් ඔහු මෙම වාර්තාවට හිමිකම් කී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කෙසේ නමුත් ජබසිලන් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම ලෝක වාර්තාව තැබුවේ අන් අයට ආස්වාදයක් ලබා දීමට සහ ශ්‍රී ලංකාවේ අනාථ දරුවන්ට ඔහුගේ සහයෝගය දිගටම කරගෙන යාම සඳහා ඔහුගේ ප්‍රාර්ථනාවේ කොටසක් ලෙසබවයි.

ඔහු තැබූ ගිනස් ලෝක වාර්තාවේ විස්තර ඇතුලත් සටහනක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7