Cricket NewsEXCLUSIVE

“2000 දශකයේ නම් දැරූ පිතිකරුවන්ට පවා අඳුරු සිහිනයක් වූ සිංහ දේශයේ පන්දු යවන්නා” – චමින්ද වාස්

දිනය 2003 පෙබරවාරි 14 වෙනිදා ය. Pietermaritzburg හී එදින අපූරු වැලන්ටයින් සාදයක් පැවැත්විය. ඒ ශ්‍රි ලංකා ක්‍රිකට් සහභාගිත්වයෙන් සහ චමින්ද වාස්ගේ නිල අනුග්‍රහයෙනි.

එය පන්දුවාර 50 ලෝක කුසලානයේ තරගයක් ලෙස පැවතින. බංග්ලාදේශය ශ්‍රි ලංකාව සමග උරෙන් උර ගැටෙන්නට විය.
ප්‍රථමයෙන් පන්දුට පහර දුන් බංග්ලාදේශයට එදින මුල සිට බියකරු හීනයක් විය. මන්ද ආරම්භයේ සිට ශ්‍රි ලංකාවේ එක් සිංහපෝතකයෙක් ජයටම පෙම්වතුන්ගේ දිනය සමරන්නට මුල පිරූ නිසාවෙනි.

ඒ අන් කවරෙකු නොව උශාන්ත ජෝසප් චමින්ද වාස් ය. බංග්ලාදේශ ඉනිමේ මුල් කඩුලු තුනම ලකුණු ලබා ගැනීමට පෙරම ආපසු ක්‍රීඩාගාරයට හරවා යවන්නට මේ අපූරු දඩයක්කාරයා සමත් වෙන්නේ බංග්ලාදේශ වැසියන්ට දෙවියන් සිහි කරන්නට ඉඩ හදමිනි.

පිට පිට පන්දු තුනකින් කඩුලු තුනක්.. තරගයේ පලවෙනි පන්දුවාරයේම කල අපූරු දඩයමක්..මේ වාස්ගේ දෙවෙනි එක්දින කඩුලු ත්‍රිත්වය

වාර්තා පොත් පලවෙනි පන්දුවාරයෙන්ම අලුතින් ලියූ චමින්ද වාස් එතැනින් නැවතුනේ නැත. බංග්ලාදේශ ඉනිම ලකුණු 5ක් ලෙස තිබියදී බංග්ලාදේශ ඉනිමේ සිව්වන කඩුල්ලද වාස්ගේ නමට බැර වෙන්නේ බංග්ලාදේශ ඉනිමට දැඩ් අලාභහානි සිදු කරමිනි.

එතැනින් නොනැවතුනු වාස් බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 25ක් ලෙස තිබියදී බංග්ලාදේශ ඉනිමේ පස්වෙනි කඩුල්ලත් ආපසු ක්‍රීඩාගාරයට හරවා යවන්නේ ශ්‍රි ලංකා ප්‍රේක්ෂක උන්මාදය දෙගුණ තෙගුණ කරමිනි.

එතැනින් පසු මුරලිදරන්ගේ ක්‍රියාන්විතය ඇරඹි අතර ඔහුගේ නමින් බංග්ලාදේශ කඩුලු තුනක්ද දිල්හාරගෙර් නමින් එක් කඩුල්ලක්ද සනිටුහන් කරද්දි චමින්ද වාස් ලබා ගත් වැලන්ටයින් සාදය අවසන් කරන්නේ බංග්ලාදේශ අවසන් පිතිකරුවාද දවා ගනිමින් තරගය පුරා පන්දුවාර 9යි එක් පන්දුවකදී නිලකුණු පන්දුවාර ද්විත්වයක් සමගින් ලකුණු 25කට කඩුලු 6ක් දවා ගනිමින් සිය වැලන්ටයින් සාදය අති උත්කර්ෂවත් ලෙස සරසමිනි.

අවසානයේ කිසිදු කඩුල්ලක් නොදී අර්ධ ශතක ද්විත්වයක් සමගින් සනා සහ මාවන් අතපත්තු ශ්‍රි ලංකා ජයග්‍රහණය ලබා දෙන්නේ චමින්ද වාස් තරගයේ වීරයා කරමින් ය.

මේ ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ශ්‍රි ලාංකීය ප්‍රේක්ෂක හදවත් තුලද කිදා බැස ඇති කිසිදා මැරිය නොහැකි අමරණීය මතකයක් ය. එවන් විශ්වකර්ම පෑ මේ අපූරු දඩයක්කාරයා එතෙක් මෙතෙක් ශ්‍රි ලාංකීය වේග පන්දු මැෂිමෙන් බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නෙක් යැයි හැදින්වූවාට කම් නැත.

මන්ද එයට ඔහු ලැබූ වාර්තා කදිම පිළිතුරක් වෙන හෙයිනි. ටෙස්ට් තරග 111කදි පන්දුවෙන් කඩුලු 355ක් දඩයක් කල මේ අපූරු දඩයක්කාරයා ඉනිමක කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 12ක්ද තරගයක කඩුලු 10 බැගින් දවාගත් අවස්ථා 2ක්ද ලබාගෙන ඇත.

එසේම 96 ශ්‍රි ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් ඇති කල ලෝක කුසලාන විජයග්‍රහණයේ ද පෙරමුණේ සිටි ඔහු එක්දින පිටියේ කඩුලු 400ක් ඩැහැ ගන්නට සමත් වී ඇත. එසේ ශ්‍රි ලාංකීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අපූරු මතක රාශියකට මුල පිරු වචනයෙන් පරිසමාප්තියෙන්ම ශ්‍රි ලංකා ක්‍රිකට් බිහිකල වීරයෙක් ලෙස හැදින්විය හැකි ඔහු අද ඔහුගේ දැනුම පුහුණුකරුවෙකු ලෙස අනිකාට දායද කරමින් සිටි.

ඉතිං එවන් යුග පුර්ෂයෙකුගේ ජන්ම දිනය ජනවාරි 27 වන අද දිනට එලැබී ඇත. උශාන්ත ජෝසප් චමින්ද වාස් නොහොත් කවුරුත් දන්නා වාසි..ඔබට සුභම සුභ ජන්ම දිනයක් ප්‍රාර්ථනා කරමි.

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7