Cricket NewsEXCLUSIVEIPL

Trent Boultයැවූ තරඟයේ 5වන පන්දුවාරයට හයේ පහරක් සහ හතරේ පහර 5ක් පිට පිට එල්ල කරමින් Moeen Ali මෙවර IPL තරඟාවලියේ දෙවන වේගවත්ම අර්ධ ශතකය රැස් කරයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 68වන තරගය ලෙස මතිෂ පතිරණ සහ මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Chennai Super Kings සහ Rajasthan Royalss කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වූවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Chennai Super Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් රැස් කිරීමට සමත් වුනා.

එහිදී Chennai Super Kings අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි Moeen Ali පන්දු 57ක් තුල දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 13ක් සමගින් වේගවත් ලකුණු 93ක් රැස් කිරීමට සමත් වුනා.

මේ අතර ඔහු සිය අර්ධ ශතකය පන්දු 19ක් තුල සම්පුර්ණ කිරීමට සමත් වූ අතර එය සටහන් වුයේ මෙවර තරඟාවලියේ දෙවන වේගවත්ම අර්ධ ශතකය ලෙසයි. Trent Boultයැවූ තරඟයේ 5වන පන්දුවාරයට හයේ පහරක් සහ හතරේ පහර 5ක් පිට පිට එල්ල කරමින් කිරීමට ද Moeen Ali සමත් වුනා.

Moeen Aliගේ එම විශිෂ්ට ඉනිම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button