Cricket NewsEXCLUSIVEIPL

මෙවර IPL තරඟාවලියට අලුතින්ම එක් වූ හර්දික් පාණ්ඩ්‍යා නායකත්වය දරන Gujarat Titans අඛණ්ඩව දෙවන ජයග්‍රහණයත් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 10වන තරගය ලෙස Gujarat Titans සහ Delhi Capitals කණ්ඩායම අතර පැවතී තරඟයෙන් ලකුණු 14ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Gujarat Titans සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Gujarat Titans කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Gujarat Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 171ක් රැස් කිරීමට සමත් වුනා.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ Shubman Gill පන්දු 46ක් තුල වේගවත් ලකුණු 84ක් රැස් කිරිමට සමත් වුනා. නායක Hardik Pandya ලකුණු 31යි

පන්දු යැවීමේදී Mustafizur Rahman කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුනා.Khaleel Ahmed කඩුලු දෙකයි.

ඒ අනුව ලකුණු172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 157ක් පමණයි.

Delhi Capitals වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක Rishabh Pant ලකුණු 43ක් රැස් කල අතර Lalit Yadav ලකුණු 25යි.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Lockie Ferguson කඩුලූ 4ක් බිඳ හෙලීමට සමත් වූ අතර Mohammed Shamiකඩුලු 2ක් බිඳ හෙලුවා.

තරඟයේ වීරයා සම්මානය Lockie Fergusonහට හිමි වුනා.

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියට අලුතින්ම එක් වූ Gujarat Titans කණ්ඩායම මේ වන විට සහබාගි වූ තරඟ දෙකම ජයග්‍රහණය කිරීමට සමත්ව සිටිනවා.

IPL තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7