Cricket NewsEXCLUSIVEIPL

Mumbai Indians කණ්ඩායමට අඛණ්ඩව දෙවන පරාජයත් උරුම කරමින් සංගාගේ Rajasthan Royals විශිෂ්ට ජයක් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 9න තරගය ලෙස Mumbai Indians කණ්ඩායම සහ Rajasthan Royals කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 23ක ජයක් හිමිකර ගැනීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Mumbai Indians ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 193ක් රැස් කිරීමට සමත් වුණා.

මෙවර IPL තරඟාවලියේ ප්‍රථම සහතකය රැස් කරමින් විශිෂ්ට ඉනිමක් දියත් කළ Jos Buttler පන්දු 68කදී වේගවත් ලකුණු 100ක් වාර්තා කිරීමට සමත් වුනා.

Shimron Hetmyer ලකුණු 35ක් රැස් කළ අතර Sanju Samson ලකුණු 30ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Jasprit Bumrah සහ Tymal Mills කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වූ නා.

ඒ අනුව ලකුණු 193ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 170ක් පමණයි

Mumbai Indians ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Tilak Varma පන්දු 33ක් තුල වෙගවත් ලකුණු 61ක් රැස් කල අතර Ishan Kishan ලකුණු 54ක් රැස් කළා.

පන්දු යැවීමේදී Yuzvendra Chahal සහ Navdeep Saini කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7