Cricket NewsEXCLUSIVEIPLMatch Review

සිය කුළුඳුල් IPL තරඟාවලියේ ශුරතාවය ජයග්‍රහණය කිරීමට Gujarat Titans කණ්ඩායම සමත් වෙයි.!

පසුගිය මාර්තු 26 වනදා අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැලකෙන්නේ ලොව ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසටයි.

එවන් සාර්ථක ආරම්භයක් සමග ආරම්භ වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රීයේ Ahambadbad හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූනා.

ඉන්දිය සිනමා ගායක සුපිරි තරු රැසකගේ වර්ණවත් උත්සවයකින් පසු ආරම්භ වූ තරඟයේන් Rajasthan Royals කණ්ඩායමට එරෙහිව 7 කින් තරඟය ජය ගත් Gujarat Titans කණ්ඩායම සිය කුළුඳුල් IPL තරඟාවලියේ ශුරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වුයේ IPL වංශකතාවේ නව පරිජ්ජේදයක් ආරම්භ කරමිනි.

ඒ අනුව වසර 14කට පසුව අවසන් මහා තරගයකට පිවිසි Rajasthan Royals කණ්ඩායමට අනුශුරතාවයෙන් සෑහිමකට පත් වීමට සිදු වුනා.

අවසන් මහා තරඟයේ කාසියේ වාසියේ දිනු Rajasthan Royals නායක Sanju samson පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසි Rajasthan Royals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 130 පමණයි.

Rajasthan Royals ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jos Buttler ලකුණු 39ක් රැස් කළ අතර ඒ සදහා ඔහු පන්දු 35ක් වැය කළා. Yashasvi Jaiswal ලකුණු 22ක් රැස් කළ අතර නායක Sanju Samson ලකුණු 14ක් රැස් කළා.

පන්දු යැවීමේදි Rajasthan Royals කණ්ඩායම සම්පුර්ණයෙන්ම සිය පාලනය යටතට ගත් නායක Hardik Pandya ප්‍රමුඛ පන්දු බලඇණිය නම් දැරෑ Rajasthan Royals පිතිකරුවන් පිටිය මැද අසරණ කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේදි විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 17කට කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 131ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් Gujarat Titans පිතිකරුවන් පනදුවාර 18.1 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ 125,000කට අධික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පිරි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රිඩාංගනයේ ප්‍රිතී ඝෝෂා මධ්‍යයේය.

Gujarat Titans වෙනුවෙන් Shubman Gill ලකුණු 45ක් රැස් කල අතර Hardik Pandya ලකුණු 34ක් රැස් කළා.
අවසන් මහා තරඟාවලියේ තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට දස්කම් දැක්වූ Hardik Pandya තරඟයේ වීරයා ලෙස සම්මානයට පත්‍ර වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button