Cricket NewsEXCLUSIVEIPL

IPL හි වැඩිම කඩුලු ලාභියාට හිමි වන Purple Cap එක වනිඳුගෙන් ගිළිහෙයි – Yuzvendra Chahal වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙයි.!

පසුගිය මාර්තු 26 වනදා අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැලකෙන්නේ ලොව ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසටයි.

එවන් සාර්ථක ආරම්භයක් සමග ආරම්භ වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රීයේ Ahmedabad හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූනා.

ඉන්දිය සිනමා ගායක සුපිරි තරු රැසකගේ වර්ණවත් උත්සවයකින් පසු ආරම්භ වූ තරඟයේන් Rajasthan Royals කණ්ඩායමට එරෙහිව 7 කින් තරඟය ජය ගත් Gujarat Titans කණ්ඩායම සිය කුළුඳුල් IPL තරඟාවලියේ ශුරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වුයේ IPL වංශකතාවේ නව පරිජ්ජේදයක් ආරම්භ කරමිනි.

ඒ අනුව වසර 14කට පසුව අවසන් මහා තරගයකට පිවිසි Rajasthan Royals කණ්ඩායමට අනුශුරතාවයෙන් සෑහිමකට පත් වීමට සිදු වුනා.

අවසන් මහා තරඟයේ කාසියේ වාසියේ දිනු Rajasthan Royals නායක Sanju samson පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසි Rajasthan Royals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 130 පමණයි.

ඒ අනුව ලකුණු 131ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් Gujarat Titans පිතිකරුවන් පනදුවාර 18.1 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ 125,000කට අධික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පිරි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රිඩාංගනයේ ප්‍රිතී ඝෝෂා මධ්‍යයේය.

මේ අතර තරඟාවලිය ආරම්භයේ පටන්ම මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු ලාභින්ගේ ලැයිස්තුවේ වනිදු සහ Yuzvendra chahal අතර සීතල සටනක් ආරම්භ වී තිබු අතර තරඟයෙන් තරඟයට ඔවුන් දෙදෙනා අතර Purple cap එක හුවමාරු වුනා.

වනිඳු හසරංග නියෝජනය කළ Royal Challengers Bangalore කණ්ඩායම පසුගියදා පැවැති Qualifier 2 තරඟය පරාජය වූ අතර ඒ හේතුවෙන් තරඟාවලියෙන් ඉවත් වූනා.

කෙසේ නමුත් වනිදු හසරංග තරගාවලියෙන් ඉවත් වන විට වැඩිම කඩුලු ලාභින් ලැයිස්තුවේ පෙරමුණේ පසුවුවේ කඩුලු 26ක් බිඳ හෙලමිනි. කඩුලු සම සංඛ්‍යාවක් බිඳ හෙළමින් එහි දෙවන ස්ථානයේ පසු වූ Yuzvendra Chahal අද පැවැත්වෙන අවසන් මහා තරගයේදී Gujarat Titans නායක හර්දික් පාණ්ඩ්‍යාගේ කඩුල්ල ලබා ගනිමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියාට හිමිවන Purple Cap හිස්වැස්ම දිනාගනු ලැබුවා.

ඒ සමග ඉන්දිය රැපියල් ලක්ශ 15ක ත්‍යාග මුදලක්ද Yuzvendra Chahalට හිමි වීමට නියමිතයි.

Yuzvendra Chahal දවා ගත් හර්දික් පාණ්ඩ්‍යාගේ කඩුල්ල පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7