Cricket NewsEXCLUSIVEILT20Match Review

මතිෂ පතිරණ ක්‍රීඩා කළ Desert Vipers කණ්ඩායම ලකුණු 25කින් පරාජය කරමින් ILT20 තරඟාවලියේ සිය 6වන ජයග්‍රහණය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමට Gulf Giants සමත් වෙයි.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ 27වන තරඟය ලෙස Gulf Giants කණ්ඩායම සහ Desert Vipers කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 25ක ජයක් හිමිකර ගැනීමට Gulf Giants කණ්ඩායම සමත් වුනා. මෙම තරඟයේදීත් Desert Vipers හි තුරුම්පු ක්‍රීඩකයා වන වනිඳු හසරංග ව විවේක ගන්වා තිබුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Desert Vipersප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Gulf Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Gulf Giants කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 180ක් රැස් කිරීමට සමත් වුණා.

Gulf Giants වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Shimron Hetmyer පන්දු 35කදී ලකුණු 54ක් වාර්තා කිරීමට සමත් වුනා.

ඊට නොදෙවෙනි ඉනිමක් දියත් කල James Vince ලකුණු 39ක් රැස් කළ අතර Tom Banton ද ලකුණු 20ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී මතිෂ පතිරණ කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 181ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Desert Vipers පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 155ක් පමණයි

Desert Vipers ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Tom Curran ලකුණු 42ක් රැස් කල අතර Rohan Mustafa ලකුණු 28ක් රැස් කළා.

තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7