Cricket NewsEXCLUSIVESA20

Kagiso Rabada විසින් යොමු කළ පන්දුවක් හමුවේ තනි අතින් කුසල් මෙන්ඩිස් එල්ල කළ දැවැන්ත හයේ පහර.!

දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පළමු වරට පැවැත්වෙන SA20 ප්‍රිමියර් ලීග් තරඟාවලිය මේ වන විට දැඩි තරඟකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා.

මේ අතර තරඟාවලි⁣යේ 26 වන තරඟය ලෙස Pretorius Capitals කණ්ඩායම සහ MI Cape Town කණ්ඩායම අතර පැවති තරඟයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කරන Pretorius Capitals කණ්ඩායම ඊයේ සමත් වුනා.

එම තරඟයේදී ආරම්භක පිතිකරුවකු ලෙස Phil Salt සමග එක්ව සාර්ථක ආරම්භයක් ලබා දීමට කුසල් මෙන්ඩිස් සමත් වුයේ පන්දු 25ක් තුල වේගවත් ලකුණු 39ක් රැස් කරමිනි.

එම ලකුණු 39 තුල දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 7ක් ඇතුළත් වුනා. එමෙන්ම මෙහිදී Kagiso Rabadaගෙ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් තනි අතින් එල්ල කල දැවැන්ත හයේ පහර කාගේත් අවධානයට ලක් වුවා.

ඒහි වීඩියො දර්ශන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button