Cricket NewsEXCLUSIVE

“මම හිතුවේ ටෙස්ට් තරග 44 කින් මගේ ක්‍රිකට් දිවිය ඉවරයි කියලා”- මෙවර අලුබඳුනේ ශතක ලාභී පළමු ඔස්ට්‍රේලියානුවා වූ උස්මාන් කවාජා සංවේදී වෙමින් කියයි!

කවජා මීට වසර තුනකට පමණ පෙර එංගලන්තයේදී පැවැති අලුබඳුන තරඟාවලිය හමාර කලේ එකදු ඉනිමක හෝ ලකුණු 40 සීමාව පසු කරයන්නට අපොහොසත් වෙමින්.ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම තුල කවාජා 2019-22 ක කාලවකවානුව නොඇසෙන නාමයක් බවට පත් වන්නේද ඒ හේතුවෙන්.

කවාජා යලිත් ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමට පිවිසෙන්නේ 2022 වසරේදී එංගලන්තයට එරෙහිවයි.එම තරඟාවලියට පෙර කවාජා ක්‍රීඩා කර තිබුණේ ටෙස්ට් තරඟ 44 ක් පමණයි.2019 අලු බඳුන තරඟාවලියේ කවාජාගේ අසාර්ථකත්වය තුල කවාජා යලිත් ඔස්ට්‍රේලියානු වර්ණයන්ගෙන් දැකගැනීමට හැකි නොවනු ඇති බවට ජාත්‍යන්තරයේ මෙන්ම ඔහුගේ මනස තුලත් සිතුවිල්ලක් නිර්මාණය කර තිබූ බව පෙනී ගියේ 2022 වසරේ එංගලන්තයට එරෙහිව පැවැති තරඟාවලියෙන් පසුව ඔහු විටින් විට මාධ්‍ය වෙත දැක්වූ අදහස් ද සමඟින්.

2022 වසරේ එංගලන්ත සංචාරයේ සිට මේ දක්වා කාලය තුල ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු ලාභී ආරම්භක පිතිකරුවාද වන්නේ කවාජාය.ඒ අතරට ශතක 7 ක් ද ඇතුලත්.

මෙවර අලුබඳුන තරඟාවලිය අරඹමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ශතක ලාභී පළමු පිතිකරුවා වූයේ ඔහුය.එම ශතකයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කවාජා සංවේදී වූයේ මෙවන්නක් සඳහන් කරමින්.

“මම හිතුවේ ටෙස්ට් තරග 44කින් මගේ ක්‍රිකට් දිවිය ඉවරයි කියලා. මම අළුබඳුන දිනූ කණ්ඩායම්වල සාමාජිකයෙක් උනා.ශතක 8ක් ලබා ගැනීම එතරම්ම සුළු දෙයක් නොවේ. ඉතින් මට ආයෙත් ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණාම අවංකවම හැම ලැබුනු හැම ටෙස්ට් තරඟයක්ම ප්‍රසාද දීමනාවක් වගේ දැනෙනවා. මම දැන් සවාරිය භුක්ති විඳිනවා,”

ඔහු එහිදී පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button